රටගිය අවුරුදු දෙකට ගෙදර තිබූ තැනත් අමතකවෙලා


(දුනගහ බටේපොල විජයසිරි)

මැද පෙරදිග වසර දෙකක් රැුකියාවක නියුතුව සිටි කතක් පසුගියදා ශ්‍රී ලංකාවට ආපසු පැමිණියාය.

ඇය කටුනායක ගුවන් තොටුපළින් බැස අසළ තිබූ කුලී රියකින් යාමට ආවත් නිවෙස පිහිටි තැන අමතකවී ගමේ පාරක් පාරක් ගානේ කුලී රියෙන් ගොස් නිවෙස සොයාගෙන ඇත්තේ ඉතා දුෂ්කර ලෙසටය.

මේ අපූරු සිදුවීම ඇසූ ගමේ කතුන් කියන්නේ අවුරුදු දෙකට ගෙදරට එන පාර අමතක වුණා නම් අප අඳුනන්නේම නැතිව ඇතැයි කියාය. ඒ නිසාම ගමේ කතුන් තවම ඇය හමුවන්නට ඇගේ ගෙදර ගියේ නැතිලූ. ඇයද ගෙදරින් පිට ගියේම නැතිලූ.