යාචකයාගේ සරම අස්සෙන් අරක්කු බෝතලයක් පැනලා


සිඟමන් යදිමින් සිටිය දී ඇඳිවත යටින් සීල් අරක්කු කාලෙ බෝතලයක් වැටී බිදී යාමෙන් සිඟමන් යදිමින් සිටි පුද්ගලයා පිරිසගේ උපහාසයට ලක්ව පලායාමේ පුවතක් පාදුක්ක දුම්රිය ස්ථානයේ දුම්රිය මගියකුගෙන් අසන්නට ලැබුණි
සිද්ධිය සැකෙවින් මෙසේය. දුම්රියක් එනතුරු මගී ආසනවල දුම්රිය ස්ථානයේ මහ ජනතාව රැඳී සිටින ස්ථානයට සිඟමන් යදින පිරිස් පැමිණීම සිරිතකි. ඉකුත් දිනක දවසේ සිඟමනේ ගොස් සවස කොළඹ සිට පැමිණෙන දුම්රියක නිවසට යාමට පැමිණි වාදකයෙකු දුම්රිය එනතෙක් එහි සිටින මගීන්ගෙන් සිඟමන් යදින්නට වූයේ දුම්රිය පැමිණෙන තෙක්ය. හිටි අඩියේ ඇඳ සිටි සරම යටින් ගිලිහී වැටුන සීල් අරක්කු කාලෙ බෝතලයක් බිමට වැටී බිඳී ගියේය.
ඒ වන විටත් පදමට පදම් වී සිටි ඔහු බිදුණු අරක්කු කාලෙ වියදම දුම්රිය නැවතුම් පොළේ සිටි මගීන් ගෙන් එකතු කරගෙන හමාරය. බෝතලය බිඳී යාමත් සමග සිඟමන් නවතා පාදයේ කොරය ද සුව වී එම ස්ථානයෙන් වහා දිව යාම නිසා එහි සිටි මගීහු ‘අනේ අපොයි’ කියමින් වීදුරු කටු ද ඉවත් කිරීමට කටයුතු කළහ. එහි සිටි බොහෝ දෙනෙක් අද හිඟමන් යන අය පොහොසත් අපි තමයි දුප්පත් කියමින් මුහුණට මුහුණ බලා ගත්හ.

හංවැල්ල එච්.එස්.ඒ. නන්දන