මෝදක කා ගෙයි තරප්පුව හොයා ගන්න බැරිව හතර අතේ ඇවිදලා


මෝදක කා ඉහළ මාලේ සිට පහළ මාලයට ඒමට සවස් වෙනතුරු තරප්පුව සෙවූ පුද්ගලයකු පිළිබඳව මොරපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

ඔහු පෞද්ගලික වෙළෙඳ ආයතනයක සේවය කරන පුද්ගලයෙකි. මෙදින සේවයට පැමිණි ඔහු මුදලාලිට හොරෙන් ඉහළ මාලයට නැග මෝදක දෙකක් කා ඇත.

පසුව ටික වේලාවක් වාඩි වී තුන්වැනි මහලේ සිට පහළ මාලයට ඒමට තරප්පුව සෙව්වත් මොහුට තරප්පුව හමුවී නැත. බලන බලන හැම තැනම තරප්පු පෙනී යාම හේතුවෙන් අන්දමන්ද වූ මෙම පුද්ගලයා ඉහළ මාලයේ බිම නිදාගෙන ඇත.

සවස් වී නැගිට බැලූවිට මුදලාලි කඬේ වසා ගොස් තිබූ අතර පසුව මුදලාලිගේ ජංගම දුරකතනයට කථාකර සිද්ධිය පවසා කඩයෙන් එළියට පැමිණ ඇත. කෙසේ වෙතත් පසුදා සිට මොහු රැුකියාවෙන් අස්කර ඇති බව වාර්තාවේ.