වයඹ පළාතේ ගැමි ගෙදරක වයස 65 ඉක්මවූ සිංඤප්පු කුලියට පොල් ලෙලි ගසමින් සිටියේ එය තම ජීවිකාව වූ නිසාය. ඔහු දිනපතා හිසට තුවායක් බැඳ අමුඩ ලේන්සුවක් පමණක් ඇඳ මෙම කාර්යයේ නියැලෙමින් සිටින්නේ ඔහුට එම ඇඳුම පහසු නිසාය. දිනක් එම නිවසට ඔහු හඳුනන පුද්ගලයකු නිවෙස් හිමියා හමුවීමට පැමිණියේ යතුරු පැදියකිනි. මේ ගමේ යතුරු පැදියක් ඇත්තේ කලාතුරකින් කෙනෙකුට නිසා යතුරු පැදිය දුටු සිංඤප්පුට එය පැද බැලීමට ආසාවක් ඇති විය. අනේ මලයො මටත් දීහංකො ටිකක් මේක පැදල බලන්න. මොටෝසයිකලයක් පදින්න මං ආසයි කීවේය.
සිංඤප්පු අයියෙ පැදපං හැබැයි පරිස්සමට. කියමින් යතුරු පැදිකරු බැස පණ ගන්වා තිබියදීම යතුරු පැදිය ඔහුට දුන්නේය.

සිංඤ්ඤප්පූ යතුරු පැදියට නැග මලයො මේකෙ යන හැටි කියපං කීවේය.
මෙන්න මෙහෙමයි මෙන්න මේක දකුණු අතින් ඉස්සරට හෙමිට කරකවපං. මෙන්න මෙහෙම මේ කකුලෙන් මෙන්න මෙහෙම ගියර් තුනක් යන ගමන් පාගපං කීවේය.
සිංඤ්ඤප්පු ඔහු කී ආකාරයට කළේය. මෝටර් සයිකලය ඉදිරියට යන්නේය. දැන් හැතැප්ම භාගයක් පමණ ගිය විට සිංඤ්ඤප්පුට මතක් වූයේ තමා අමුඩෙන් පමණක් සිටින බවය. එම නිසා ආපසු යාමට ඔහුට අවශ්‍ය විය. කෝ මේකා මට මේක නවත්වන හැටි කියලා දුන්නෙ නෑනෙ සිතමින් තුංමංහන්දියට පැමිණියේය. ආපසු හරවා ගත නොහැකි වූ ඔහු ප්‍රධාන පාරේ මෝටබයිසිකලය වමට හැරවීය. ඉදිරියටම යන්නේය. දැන් සැතපුම් දෙකක් පමණ ගිය ඔහුට නැවත වමට පාරකට හරවා ඉදිරියටම යනවිට හමුවන හැම අතුරු පාරකම වමටම හරව හරවා යන්නට විය. හැතැප්ම ගණනාවක් ගොස් රවුමෙන් හිටපු තැනටම සිංඤ්ඤප්පු ආවේ පාරවල් දන්න නිසාය. අමුඩය ඇඳ මෝටර් බයිසිකලේ පැද යන සිංඤප්පු දැක කොල්ලො කුරුට්ටන් හූ කියන බව ඇහුනත් එය ගණනකට නොගත්තේ මෝටර් බයිසිකලය නවතා ගැනීම ප්‍රශ්නයක් වූ නිසාය.
යතුරුපැදි අයිතිකරු ඔහු කොහේ ගියාදැයි බය වී නිවෙසේ අයිතිකරු සමග පෙර මග බලා සිටියෝය. ඈතින් එන සිංඤප්පු කෑගසමින් එන්නේ ඇයි දැයි බලන විට, මලයෝ මේක නවත්තපං නවත්තපං කීවේය. නිවස අයිතිකරුත් යතුරු පැදිය අයිතිකරුත් පැන යතුරු පැදිය අල්ලා නවතා ගත්තේ සිංඤ්ඤප්පුට වැටෙන්නට නොදීය. කොහෙද බං ගියේ දැන් පැයක් විතර ඇති අපි බය උණා. ඇයි බං උඹ මේක යන හැටි කිව්ව මිසක් නවත්තන හැටි කිව්වෙ නෑනෙ. මම වැඩ දන්න හිංද ආවා කියල සිංඤප්පු කීවේය.
(නැදලගමූව ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ)

