මෙහෙමත් මුදලාලිලා


මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වලට යවා අනෝදා ගෙඩි එකතු කරගත් පුවතක් කන්ද උඩරටින් වාර්තා වේ.


කන්ද උඩරට ව්‍යාපාරිකයකු වන මොහු මසුරු අයෙකි. ඔහු කඬේ නොමැති විට ඔහුගේ බිරිය වෙළඳාම් කටයුතු සිදුකරන අතර සියලූ වෙළෙඳාම් විස්තර පොතක ලිවිය යුතුවේ.


පසුගිය දිනක තම ඉඩමෙන් කඩා ගත් අනෝදා ගෙඩි විකිණීමට කඬේ තබා ඇති අතර එදින මුදලාලි ගමනක් ගිය බැවින් බිරිඳ විසින් කඬේ වෙළඳාම් සිදුකර ඇත.
සවස් භාගයේ පැමිණි මුදලාලි වෙළෙඳාම් පිළිබඳ විස්තර පොත පරීක්‍ෂා කිරීමේදී අනෝදා ගෙඩි අඩු මිලට විකුණූ බව පෙනී ගොස් ඇත.


බිරියට හොඳ හැටි බැනවැදුණු මුදලාලි එම ගෙඩි නැවත එකතු කර ගෙන එන ලෙස පවසා බිරිඳ කඩෙන් පන්නා ඇත. පසුව ගම පුරා ඇවිද ඇති ඇය එම අනෝදා ගෙඩි නැවත සල්ලි දී එකතු කරගෙන තිබේ.