මුනුබුරා ගෙනා අරක්කු කාල අරිෂ්ට යැයි සිතා සීයා බීලා


බෙහෙත් කාලයි අරක්කු කාලයි පැටලී ඔත්පල සීයාට අරක්කු පෙවුණු සිද්ධියක් සබරගමුව පළාතෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.


මුනුබුරා රාත‍්‍රි මළගෙදරක යාම සඳහා තම මවට හොරෙන් අරක්කු කාලක් ගෙනවිත් ඇති අතර කාල සැඟවීමට තැනක් කල්පනා කිරීමේදී සීයාගේ බෙහෙත් ළඟින් සැඟවීමට තීරණය කර ඇත.


පසුව සීයාගේ ඇඳ ළඟින් අරක්කු කාල තබා මළගෙදර යාමට සැරසී කලබලයෙන් අරක්කු කාල සොයද්දී හමුවී ඇත්තේ සීයාගේ අරිෂ්ට බෙහෙත් කාලයි. අරක්කු කාල යැයි සිතා මුනුබුරා බෙහෙත් කාල ඉණේ ගසාගෙන මළගෙදර යාමට පිටත්ව ඇත.


පසුව හැන්දෑවේ ඔහුගේ මව සීයාට බෙහෙත් ලබාදීමේදී අරක්කු කාලෙන් හැඳි දෙකක් සීයාට පොවා ඇත.


අරක්කු බීමට රුසියකු වූ සීයා තම දියණිය ගිය පසු අමාරුවෙන් අරක්කු කාල ගෙන පානය කළේ දෙවියන්ට ස්තුති කරමිනි. පසුව සූර් වූ සීයා සින්දු කියමින් කෑ ගැසීමට පටන්ගත් අතර සීයාගේ බෑණා පැමිණි පසු ඔහුට අරක්කු දුන්නේ කව්දැයි අසා ඇත. එවිට ඔහුගේ බිරිය පවසා ඇත්තේ වෙද මහතා විසින් ලබාදුන් බවය.


මොහොතින් ගෙට පැමිණි මුනුබුරා අරිෂ්ඨකාල බී වැඬේ වැරදුන බව තේරුම් ගෙන සීයාගේ ඇඳ යට අරක්කු කාල සොයද්දී ගෙදර අයට කාරණය වැටහී ඇත