මිස්කෝල් එකට කතාකළ සැමියාට පොලූ පහරක්


වැරදීමකින් ආ දුරකථන ඇමතුමක් නිසා තම බිරියගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ළඟ ඇත්තේ සාමාන්‍ය දුරකථනයකි. එහි පීකරය හරිහැටි වැඩනොකිරීම නිසා ශබ්ද වැඩි කර ඇමතුම් ලබා ගැනීම සිදු කරයි. අලූත් දුරකථනයක් ඔහුට ලබා ගැනීමට නොහැකිව ඇත්තේ පවුලේ අගහිඟකම් නිසාය. සිද්ධිය වූ දිනයේ ද ඔහුට දුරකථන ඇමතුමක් ආ අතර ශබ්දය වැඩිකර කතා කිරීමට පටන් ගත්තේ ඔහුට අනවශ්‍ය ඇමතුම් නොඑන නිසාය. බිරියද ඒ අසල පුටුවක හිඳ ගෙන සිට ඇත.
දුරකථන ඇමතුමේ එහා පැත්තෙන් කථා කළේ තරුණියකි.
අද එන්නේ නැද්ද මගේ තුනටියේ තෙල් ගාන්න යැයි ඇය අසා ඇත. අන්දුන් කුන්දුන් වූ ඔහු බිරිය දෙස බලා කවුද ඔය යැයි අසා ඇත. ඔහෙට තමුන්ගේ ගෑනිවත් අඳුරන්න බැරිද යැයි තරුණිය එවිට අසා දුරකථනය විසන්ධි කළේ වැරදි අංකයක් යැයි කීමටද පෙරය.
ඇමතුම විසන්ධි වී ආපසු හැරෙද්දීම ඔහු දුටුවේ යක්ෂාවේෂව සිටින බිරියය. වචනයක් කතා කිරීමට පෙර ඇය අත තිබූ දර පොල්ලෙන් මොහුට පහරදී ඇත. 
පසුව ඇමතුම ගත් තරුණිය කතා කර සමාව ගනිද්දී මොහු පවසා ඇත්තේ අවුලක් නෑ නංගි දවස් දෙකෙන් ටිකට් කපනවා එතකොට එන්න මගේ කොන්දේ තෙල් ගාන්න යැයි කියාය.