මියගිය බල්ලාගේ හොල්මන ඇවිත්


දකුණු පළාතේ නගරයක් ආසන්නව ජීවත්වන මේ නිවෙස් හිමියා කලින් දිනයක යහළුවකු හමුවීමට ගම්බද ප‍්‍රදේශයකට ගිය ගමනේ දී පුෂ්ඨිමත් බලූ පැටවකු ගෙදරට ගෙනැවිත් ගතවූයේ හරියටම සතියකි.

පසුගියදා උදේ පාන්දරම මහපාරට දිව ආ ඌ ත‍්‍රිරෝද රථයක හැපී පසුපස කොටසට බරපතළ තුවාල ලබා පස්සාගාත් අද්දවමින් සිට දිනකට පසු මළේය.

නිවෙස පසුපස වළක් කපා ඌ වළ දැමූ දා මැදියම් රාත‍්‍රී මහ වැසි මධ්‍යයේ ගෙහෙමියාට නිවසේ දොරකඩ අසලින් බලූ පැටවකුගේ කෙඳිරිළි හඬක් ඇසිණි. දොර විවෘත කළ විට එදින උදේ වළ දැමූ බලූ පැටියා පස්සාගාත් අද්දමින් එහි සිටිනු දුටු විට ඔහුට තරු පෙනිණි.

ඔහු ගෙතුළට ගොස් මේ ගැන ගෙදර අයට කී විට ඔවුන් ද විමතියට පත්ව එතැනට ආවත් කිසිදු බලූ සලකුණක් එහි නොවීය.

බල්ලාගේ අවතාරේ ඇවිත් වෙන්නැති’ විහිළුවට කී ගෙදර අය ආපසු නින්දට ගියත් ගෙහිමියාට නම් නින්ද ගියේ නැත. පසුදා උදෑසන බල්ලා වළදැමූ වළෙහි පස් හැරී විසිරී තිබුණත්, බලූ සලකුණක්වත් එහි නොවූ බව දුටු ගෙහිමියාට යළිත් දෙවියන් සිහිවුණාලූ.