මිතුරියටත් වයස හංගා අලි අමාරුවක වැටිලා


දෛවඥයකු හමුවී විශාල මුදලක් ලබා දුන් මිතුරියන් දෙදෙනකු එක් මිතුරියකගේ විවාහය ප්‍රමාදය වළක්වා එය කඩිනම් කැර ගැනීමට සාත්තුවක් කර දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව උපන් දිනය හා වේලාව බැලූ දෛවඥයා කසාදය ඉක්මන් වීමට අවශ්‍ය සාත්තුවක් කරන අයුරු ඇයට දන්වා ඇත. එහි පළමු වැන්න වී ඇත්තේ දැනට පවතින වයස ගාණට නිල් මල් මිටියක් දෙවි කෙනකුට පූජා කිරීම විය.

මල් වට්ටිය කඩාගෙන අදාළ ස්ථානයට යන මෙම කාන්තාව දින කීපයක් මිතුරිය සමග ගිය ද මල් පූජා නොකර ආපසු පැමිණ ඇත. මිතුරිය සමග පැමිණ විවාහය කඩිනම් වෙන්නට වැඩක් කරගෙන ගිය බවත් එහෙත් මිතුරිය සිටි නිසා සත්‍ය උපන් දිනය සඟවා අඩුවෙන් කියූ බවත් මල් පූජා කිරීමේදී මල් වැඩියෙන් පූජා කරන්න දැයි ඇය දිනක් දෛවඥයාගෙන් විමසීය. වේලාවක් බැලීමේදී උපන් වේලාවත් මාසයත් වසරත් එක සේ වටිනා බව ඇයට පැහැදිලි කිරීම නිසා ඇයට තවත් සාත්තුවක් කර ගැනීමට තවත් විශාල මුදලක් වැය කරන්නට සිදුවිය.