මැදවච්චියේ කාන්තිලතාට උදෑසනම වයර් මාරුවෙලා


කුලියාපිටියේ අධිකරණය අසල කාර්යාලයේ දුරකතනය මෙදින පෙරවරු 7.30ට පමණ නද දෙන්නට විය. ඒ වනවිට ඔහු සිය කාර්යාලයට පැමිණ සිටියෙන් රිසිවරය අතට ගත්තේය. ඇමතුම ඔස්සේ ඇසුණේ කාන්තාවකගේ කඩහඬකි. දෙදෙනා අතර දෙබසයි මේ. කත: ඔයා මට කතා කළේ ඇයි අනේ (කටහඬ ඉතා ආදරවන්තය) ඔය කවුද කතා කරන්නෙ? කත: අඳුරන්නෙම නෑ නේද? හොරා වගේ කතා කරන හැටි, මට කෝල් දීලා. අනේ ප්ලීස් ඔයා කවුද කියල කියන්නකො. මට දවසකට කොච්චර ඇමතුම් එනවාද? කත: ඒක තමයි ඔය කිය වුනේ හේතුව. මට දුන්නු කෝල් ගැන මතකක් තියේවියැ. ම්....  ඕක තමයි කියන්නේ පිරිමි දිවෙන් දිව ගාගෙන හිටියත් විශ්වාස කරන්න එපා කියලා. (මඳ නිහඬතාවකින් පසු) මං මැදවච්චියේ කාන්තිලතා. දෙයියනේ ඔයාට ඔච්චර ඉක්මනට මාව අමතක වුණාද? මේ. ඔයා මිස් ද මිසිස් ද කියල මං දන්නෙ නෑ. මං කුලියාපිටියෙ කෙනෙක්. මොකක් හරි නඩු කටයුත්තක් ගැන ඔයාට දැන ගන්න තියෙනවද? කත: අයියයියෝ වෙරි සොරි. ඒ දුරකතන දෙබස එසේ නිමාවිය.