හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ස්ථාන මාරුවිම් ලැබ වෙනත් කාර්යාලයකට යාමේදි කාර්යාලයේ තිබු ඔහුගේ විවේක කාමරයට දොරගුළු දමා යාම හේතුවෙන් ආයතන ප්‍රධානියාට දොරගුළු කඩා එය විවෘත කිරිමට සිදුවු අපුරු කතාවක් දකුණු පළාතේ රජයේ කාර්යාලකින් වාර්තා වේ.
ආරක්ෂක නිලධාරියෙකු රජයේ කාර්යාලයක සේවය කර ඇති අතර ඔහු පමණක් රාත්‍රි සේවා මුරය පමණක් සිදුකරන බවද පැවසේ.
දිවා කාලයේදි විශේෂ හේතුවකට හැර කාර්යාලය නොපැමිණෙන අතර රාත්‍රි සේවා මුරය නිමවිමෙන් පසු ඔහු පිටව යාම සිදුකරයි.
ආරක්ෂක නිලධාරියාට විවේක ගැනිමට රාත්‍රි කාලයේ වේලාවක් වෙන් නොවුද ඒ සදහා කාමරයක් වෙන්කර තිබිම පිළිබදව අනෙකුත් සේවකයෝ ද මවිතය පළකරති. එම විවේක කාමරයේ දෙමුහුන් ගණයට අයත් සුඛෝපභෝගි මෙට්ටයක් මදුරු දැලක් සහ විදුලි පංකාවක් සහිත අංගසම්පුර්ණ එකක් බවද පැවසේ.
ආරක්ෂක නිලධාරියකුට රාත්‍රී කාලයේ මුර සේවයේ යෙදිමට පහසුකම් සහිත නිදන කාමරයක් කුමටද යන්න ගැටලුවක් බවට පත්වි ඇති අතර වාර්ෂික ස්ථාන මාරු පදනම මත ඔහුට මාරුවිමක් ලැබි ඇත.
එම මාරුවිම අවලංගු කර ගැනිමට ඔහු දැරු උත්සාහයද අසාර්ථක වූයෙන් කාමරයට දොරගුළු දමා වසා තබා නව සේවා ස්ථානයට ගියේය. කාමරයේ යතුර කීපවිටක් ඉල්ලා සිටියත් නොලැබිම හේතුවෙන් උසස් නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන දොරගුළු කඩා කාමරය විවෘත කිරිමට ආයතන ප්‍රධානියා කටයුතු කළේය.
එහි තිබූ උපකරණ සහ භාණ්ඩ පිළිබදව ලේඛනයක් ලබා ගැනීමෙන් අනතුරුව කාමරයට මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බව පැවසෙන අතර නිල වශයෙන් කාමරය බාරදීම මෙතෙක් සිදුකර නොමැති බවද පැවසේ.