මළගෙදර බූරුගහන්න ආ 20කට බල්ලකුගෙන් පාඩමක්


නිවසක ඇතිකරන සුනඛයකු මළගෙදරක බූරුවා ගසන්න පැමිණි පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් සපා කෑමේ සිද්ධියක් ඉකුත්දා රක්වාන ප්‍රදේශයෙන් වාර්තා විය. 


වතුකරයේ නිවසක පසුගියදා පැවැති මළගෙදරකට බොහෝ පිරිසක් දිවා රාත්‍රී දෙකේම පැමිණියහ. ඒ අතර රාත්‍රී කාලයේදී බූරුවා ගැසීම සඳහාම පිරිසක් පැමිණි අතර බූරුවා ගසා පැරදුණු අය එකිනෙකා ආපසු එද්දී නිවසක ඇතිකරන සුනඛයෙක් 20 දෙනෙකු පමණ වරින්වර සපා කෑවේය. මොවුන් බල්ලාගේ සපාකෑම රහසක් වශයෙන් රැකගෙන ජලභීතිකා රෝගය වැළඳේ යැයි බියෙන් අදාළ බෙහෙත විදගැනීම සඳහා රත්නපුර මහ රෝහල කරා ගිය බව වාර්තා විය. 
(රක්වාන - ඩබ්ලිව්. ඒ. සිරිසේන)