මෙය සබරගමුව පළාතේ සිදුවු අනුවේදනීය කතා පුවතකි. ඇයට සහ ඔහුට දාව දරුවන් එකොළොස් දෙනෙකි.
කාලය ගෙවෙමින් ගියේය. දරුවෝ ලොකු මහත්වී විවිධ රැකියාවලට ගිය අතර ඒ ඒ ප්‍රදේශවලින් විවාහ කටයුතු සිදු කරගත්හ.
අවසානයේ නිවසේ ඉතිරි වූයේ අඹුසැමියන් පමණි. දරුවෝ ඉඳහිට මවුපියන් බැලීමට පැමිණියහ.
මේ අතරතුර ස්වාමි පුරුෂයා මිය ගියේය. නිවසේ තනියම කල් ගෙවු ඇය ගැන දරුවන් සොයා බැලුවේ නැත. පසුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ඇයව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයට බාර දුන්නේය.
මේ අතරවාරයේ ඇයගේ දරුවෝ තිදෙනෙක් මිය ගියහ. වැඩිහිටි නිවාසයේ නිලධාරීන් සමග ඇය ඒ සෑම අවමඟුලකටම සහභාගි වූවාය.
කාලය මෙසේ ගෙවි ගිය අතර ඇයද හදිසියේම මිය ගියාය. ඇගේ මරණය පිළිබඳව අදාළ වැඩිහිටි නිවාසයෙන් දරුවන්ට දැනුම් දුන්නේය. අවසන් කටයුතුවලට කිසිම දරුවකු සහභාගි වූයේ නැත.
ඊට සතියකට පසු දරුවෝ සිවු දෙනෙක් වැඩිහිටි නිවාසයට පැමිණියහ. අපට අම්මගෙ මරණ සහතිකය ඕනි දරුවෝ කීහ.
මරණෙට ආපු නැති අයට මොකට ද මරණ සහතිකේ. වැඩිහිටි නිවාසයේ නිලධාරීහු විමසුහ.
අපිට අම්මගෙ මරණ සහතිකේ ඉදිරිපත් කරලා ගමේ මරණාධාර සමිති වලින් සල්ලි ගන්න පුළුවන්... දරුවෝ කීහ.
‘‘දෙයියෝ සාක්කි,, මෙහෙමත් දරුවෝ වැඩිහිටි නිවාසයේ නිලධාරීන්ට කියැවිණි.
බලංගොඩ -වයි.ඒ.එස්. වීරවංශ