මනාල යුවළට සුබ පතා ලොතරැයි දෙකක් දීලා


මංගල උත්සවයකට ආරාධනාවක් ලැබ පැමිණ ඇති අත මිට හිඟ ආරාධිතයකු අඟහිඟකම පවසා මුදල් වෙනුවට රුපියල් විස්සක වටිනාකමින් යුතු ලොතරැයිපත් දෙකක් කවරයක බහා නව යුවළට සුභ පතා දී තිබූ අයුරු කියැවෙන පුවතක් දොඩම්ගොඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ. මනාළ යුවළ ගුරු යුවළකි. මංගල උත්සවයට සැලකිය යුතු පිරිසකට ආරාධනාකොට ඇරයුම්පත් යවා තිබුණි.

(දොඩම්ගොඩ සුනිල් බද්දෙවිතාන)