මඟුල් ගෙදර නැටුම දුටු පෙම්වතාට පෙම්වතිය එපා වෙලා


(තිහගොඩ උපසේන ලියනගම)
මුහුණුපොතේ අඟර දඟර නැටුමක් නිසා දිගු කලක් පැවති පෙම් සබඳතාවක් දෙදරා යාමේ පුවතක් පසුගිය ද‌ා අසන්නට ලැබුණේ සතුන් වත්තකට ප්‍රකට උප නගරයකිනි.


ඔහුත් ඇයත් ඥ‌ාති පවුල් සබඳතාවක් ඇති පෙම් යුවළක් වීම නිසා ඥ‌ාතීහුද ඒ පිළිබඳව තම එකඟතාව ද පළ කොට තිබිණ.


සංස්කෘතික අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක සේවය කළ පෙම්වතා ඉතා නිහතමානී මනා හික්මීමක් ඇති තරුණයකු වූ අතර ඇය බටහිර පන්නයට කැමති තරුණියක වූවාය.


ඥ‌ාති පවුලක පැවති උපන්දින සාදයකට ගිය ඇය තම යහළු යෙහෙළි පිරිසක් සමඟ ගීතයකට අනුව අඟර දඟර නැටුමක් දැක්වූ අතර ඥ‌ාති දියණියක ඇගේ නැටුම රූගතකර සති අන්තයේ නිවසට ආ පෙම්වතාට එය පෙන්වූයේ ‘‘ආව් ආව්’’ කියමින් තාලයද අල්ලමිනි.


මෙය දුටු තරුණ පෙම්වතාට මහත් ලජ්ජාවක් මෙන්ම කෝපයක් ද ඇතිවී පෙම් සබඳතාව නැවතීමට තිත තබමින් ආපසු ආවත් දෙදෙනා සමඟි කිරීමට දැන් දෙපසේම ඥ‌ාතීන් උත්සාහ දරනවාලු.