(බුලත්සිංහල - ලක්මි කුඩලිගම)
විවාහ මංගල උත්සවයකට යාමට සූදානම්වූ තරුණයන් පහළොස් දෙනකුට විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ එක වර ටයි පටි ගැට ගැසීමට ඉදිරිපත්වූ තරුණයාගේ වගතුග දැනගත් පසු තරුණයන්ගේ ඇස් උඩගිය පුවතක් බස්නාහිර පළාතේ පිටිසර ගම්මානයකින් වර්තාවේ.
සිද්ධිය සැකවින් මෙසේය.
මාර්ග සංවර්ධනයට සම්බන්ධ ආයතනයක සේවකයෙක් එකට සේවය කරන හිතවතුන් පිරිසකට තම විවාහ මංගල උත්සවයට සහභාගී වන ලෙස ආරාධනය කළේය.
උත්සවය පැවතියේ තම ප්‍රදේශයෙන් තරමක් ඈත නගරයක පිහිටි හෝටලයක බැවින් මේ තරුණ පිරිස අලුතෙන්ම මැසූ කලිසම් කමිස පිළිබඳව කයිවාරු ගසමින් කඩිමුඩියේ සූදානම් වූයේ ඉක්මනින් ගමන පිටත් වීමටය.
නියමිත වේලාව පැමිණ ඇතත් ටයිපටි ගැට ගැසීමට දන්නා කෙනෙක් මේ අතර නොසිටි නිසා මහත් කලබලයක් ඇතිවිය.
කලබලය අස්සේ මේ ස්ථානයට පැමිණි අසල්වැසි තරුණයෙක් මේ පිරිසගේ ප්‍රශ්නය පිළිබඳ විමසා විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළ තරුණයන් පහළොස් දෙනකුට එක වර ටයි පටි ගැට ගසා ගමන පිටත් කරවිය.
එහෙත් මෙතරම් ඉක්මනින් ටයිපටි ගැට ගැසීමට ඇති හැකියාව පිළිබඳව තරුණයන් අතර කසුකුසුවක් ඇතිවිය.
මේ අර මල්ලි කොරියාවේ නේද රැකියාව කළේ. තරුණයෙක් විමසීය.
ඔව් දැන් ඇවිල්ල ටිකක් කල් මං හිතන්නේ ආපහු යාවි. ඒක තමා එහේදි මිනිහා හොඳ රැකියාවක් කරල තිබෙනවා. ඒකනේ ඔච්චර ඉක්මනට ටයි පටි දැම්මේ. තරුණයෙක් කීය.
ඒක නම් කියන්න මම දන්නේ නැහැ. හැබැයි මිනිහා මේ දවස්වල එයාගේ යාළුවෙකුගේ මල් ශාලාවක වැඩ. අනෙක් තරුණයා පිළිතුරක් දුන්නේය.
කට්ටියට කාරණය පැහැදිළිය.
මුහුණට මුහුණ බලා ගත් ඔව්හු වචනයකුදු කතා නොකරම ගමන පිටත් වීයේ මළ මිනි බොහොමයකට ටයි දැමීම සිදුකරන බව මතක් වීමෙනි.