ඔහු රාජ්‍ය සේවයේ යෙදුන නිලධාරියෙකි. සත්කෝරළයට අයත් සරුසාර පොල් රුප්පාවන්ගෙන් පිරුණ ප්‍රදේශයක පදිංචිකරුවකු වූ ඔහු කෙදිනකවත් විවාහ නොවී තනිකඩව ජීවත් වීමට අදිටන් කරගෙන සිටියත් මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයක් කර ගැනීමට තීරණය කළේය. යෝජනාවකට අනුව රැකියාවක නියුතු කාන්තාවක්ම මනාලිය වූවාය. ඒ අනුව විවාහ මංගල උත්සවයට දින නියම කරගත් අතර මංගල උත්සවය පැවැත්වීමට සුදුසු හෝටලයක් ද තෝරා ගැණුනි.

මංගල උත්සවය සඳහා රාජ්‍ය සේවා නිලධාරීන්ට ආරාධනා කොට තිබුණි. ඒ සඳහා ආරාධනා පත් කල්වේලා ඇතිවම හිතමිතුරන් වෙත යවා තිබුණි.
වැඩි වශයෙන්ම මංගල උත්සව අවස්ථාවල දී බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ කෑමට වඩා බීමටය. ඒ නිසා කෑමට පෙර බීමට වාඩිවන හිත මිතුරන්ට බීම වැඩිවී කෑම ගැනීමට අමතක වන අවස්ථා ද නැතුවා නොවේ.
මෙම මංගල උත්සවයට පැමිණි රාජ්‍ය සේවයේ නිලධාරියකු වූ එක් මිතුරෙකු තමාට තමන්ව පාලනය කර ගැනීමට පවා නොහැකි තරමටම මත්වතුර බීවේය. පසුව ඔහු හිතමිතුරන් සමග ගීත ගායනා කරමින් විනෝද වූයේය. වෙරි වීම ඔහුට දරාගත නොහැකි විය. බත් කෑම ද අමතක වූ ඔහුට අවසානයේ මුදල් කවරය පරිත්‍යාග කිරීම පවා අමතකවී යහළුවන් කීප දෙනෙකුගේ කරමතින් ගෙදර ගොස් තිබිණි. ඔහුට නිවැරදි සිහිකල්පනාව ඇවිත් තිබුණේ ගෙදර ගිය පසුවය. පසුදින මෙම රක්ෂණ සේවකයාගේ ඇඳුම් ඔහුගේ බිරිඳ විසින් සෝදන්නට ළිඳ ළඟට ගෙන ගොස් වතුර බේසමට දැමීමට පෙර ඇඳුම් පරීක්ෂා කළාය.
කලිසමේ එක් සාක්කුවක් තුළ තිබී ලියුම් කවරයක් එළියට ගත්තාය. මොන බීමක් බොන්න ඕනෑ ද මෙහෙම අමතක වෙන්න ඇය තමාටම කියා ගත්තාය.
පසුව මේ සිද්ධිය පිළිබඳව ස්වාමිපුරුෂයාටත් නොකියා බිරිඳ ඒ මොහොතේම මනාලයාගේ නිවස වෙත ගොස් මුදල් බහා තිබූ කවරය මනාලයාට පිළිගන්වා සිද්ධිය තේරුම් කර දුන්නාය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)

