හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රූමත් දේශීය වෛද්‍යවරියක සැමියා සහ දරුවා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ.
ඇය දැඩි තැන්පත් බවකින් හා අහිංසක ලෙස දිවි ගෙවූ අතර දේශීය වෙදකම් කිරීම පිළිබඳ ප්‍රසිද්ධියට පත් තැනැත්තියකි. විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදකමටද ඇය ප්‍රසිද්ධියක් ඉසිලුවාය. රාජකාරිය දේවකාරියටත් ඉහළින් සිදුකරන නිලධාරිණියක ලෙස ජනතාව අතරද ප්‍රසිද්ධ වූවාය.
වසර ගණනාවක් විදේශගතව සිට ළඟදී මෙරටට පැමිණ සිටියදී රිය අනතුරකින් තුවාල ලැබූ කඩවසම් තරුණයකු යෙහෙළියක සමග ඇය හමුවීමට ඉකුත් දිනෙක පැමිණියේ ප්‍රතිකාර ගැනීමටය. වෙදකම හා හෙදකමද නිසි ලෙස කිරීමට ඇය වගබලා ගත්තාය. තරුණයා කෙටි කලකින් සුවය ලබා ඇති අතර ටික දිනක් ගතවෙද්දී වෛද්‍යවරිය ප්‍රදේශයෙන් අතුරුදන් වී ඇති බව සැලවිය.
බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමට අනුව ඇය තරුණයකු සමග ගොස් ඇති බව සැමියාට පැහැදිලි විය. වෛද්‍යවරිය කිසිවකුටත් නොකියා ස්ථාන මාරුවක්ද ලබාගෙන තරුණයා සමග අගනුවර ප්‍රදේශයකට ගොස් ඇති අතර බිරිඳ සොයා දෙන ලෙස සැමියා නීතියේ පිළිසරණ අයදිමින් සිටී. මෙම තරුණයා වෛද්‍යවරයාගේ හොඳම යෙහෙළියගේ සොහොයුරා බව පසුව හෙළිවූ අතර සිද්ධිය වසන්කර ගැනීමට බොහෝ දෙනා උත්සාහ දැරුවද මේ වෙදකම පිළිබඳ රස කතාව රජයේ කාර්යාලවල පැතිර ගියේ විදුලි වේගයෙනි.