බෙහෙත් ගන්න ගියාම මඩුවලිගය මතක් වෙලා


(පී.ජේ. සුබසිංහ ආරච්චි - සූරියවැව)
කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමුවීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණි වයසක මවකට, වැට් බදු හේතුවෙන් රෝහල් ගාස්තු වැඩිවී ඇති නිසා ගෙනෙන ලද මුදල් මදිවීමෙන් වෛද්‍යවරයා හමුවීමට නොහැකිවී ‘‘වැට් එකෙන් නොව මඩුවලිගෙන් අපට ගහන්න  ඕනෑ’’ යි කියමින් පිටව ගියාය.


මෙම පෞද්ගලික වෛද්‍ය ආයතනයට පැමිණි වයසක මව මුදල් කවුළුව වෙත ගොස් අදාළ වෛද්‍යවරයාගේ නම කියා රිසිට්පත ගෙන රුපියල් 900 ක් දුන්නාය.
රුපියල් නමසීයට බැහැ අම්මා. දැන් රුපියල් එක්දහස් පනහක්  ඕනෑ.


ගිය වාරෙ පෙන්නුවෙ රුපියල් නවසීයට දැන් අම්මෙ වැට් එක නැගලනේ. මොකක් වැට් එක වැට් එකෙන් නෙවෙයි අපට ගහන්න  ඕන මඩුවලිගෙන් යයි කියූ මව වෛද්‍යවරයා හමු නොවී පිටව ගියාය.