(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බිරියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ළගින්නට සිදුවූ සැමියෙකු පිළිබද ප්‍රවෘත්තියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.

සරසවි අධ්‍යාපනය ලබද්දී දැන හඳුනාගත් දෙදෙනකු දැනට වසර පහකට පමණ පෙර විවාහවී ඇත. දෙදෙනාම රැකියා ස්ථාන දෙකක රැකියාව කරන නිසාත් බිරිය තම නිවසේත් සැමියා සැමියාගේ නිවසේ ජීවත්වී ඇත. මේ දෙදෙනාට දරුවන් දෙදෙනෙක්ද සිටිති.
බිරිය සිත් ඇද ගන්නා සුළු රූපයකට උරුමකම් කියන්නියක වූ අතර සැමියා මස්මාංස අනුභව නොකරන නිවුණු පුද්ගලයෙකි. කාලය ගතවෙද්දී සැමියාට බිරිය පිළිබඳව කවුරුන්ගෙන් හෝ සැක සහිත ආරංචියක් ලැබී ඇති අතර බිරියගේ හොර අල්ලා ගැනීම සඳහා ඔහු අපූරූ උපක්‍රමයක් යෙදීය.
බිරියගේ නිවසේ සවස් වන තෙක් කාලය ගත කළ සැමියා තම නිවසට යන බව පවසා පිටත්ව ගොස් රාත්‍රී නවයට පමණ ඔහු ජැකට් හෙල්මට් සහ මුඛ ආවරණ ආදිය පැලඳ යතුරු පැදියෙන් බිරියගේ නිවෙසට පැමිණ ඇත. ඒ බිරියගේ නිවසට යන සුපුරුදු පාරේ නොව වෙනත් කෑලෑබද මාර්ගයකිනි. යතුරු පැදිය අතරමග නතර කර බිරියගේ නිවස අසලට ගොස් ඔහු සැඟවී බලා සිටියදී නාදුනන යතුරු පැදියක් නතර කර තැබීම නිසා ප්‍රදේශවාසීන් කලබලයට පත්ව තිබේ.
ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීම නිසා පොලිසිය පැමිණ යතුරු පැදිය පොලිසියට ගෙනගොස් ඇති අතර ගම්වැසියන් යතුරු පැදියේ හිමිකරු එනතෙක් රැකවල්ලා ගෙන සිට ඇතැයි ද වාර්තාවේ. සැමියා යතුරු පැදිය තිබූ තැනට පැමිණ බලන විට යතුරු පැදිය නොමැති නිසා කිලෝමීටර් පහක් පමණ පයින් ගොස් පොලිසියෙන් යතුරු පැදිය පිළිබඳව විමසා කුලී රථයකින් නැවත යතුරු පැදිය නතරකර තිබූ තැනට පැමිණි විට ප්‍රදේශවාසීන් ඔහු අල්ලාගෙන පොලිසියට බාර දී ඇත. එහිදී සැමියා තමන් පැමිණි කාරණය පොලිසියට පවසා ඇති අතර ගම්වාසීන් එවිට සිද්ධිය අවබෝධ කරගෙන ඇත.
සැමියා එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ ගත කළ අතර කිසිවක් නොදත් බිරිය පොලිසියෙන් කරනලද දැනුම්දීම අනුව පසුදින උදැසන පොලිසියට ගොස් ඇතැයි වාර්තාවෙයි. සැමියාට අවවාද කර මුදාහැරි පසු බිරිය සමග නිවසට පැමිණ ඇති අතර දෙදෙනාම සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ කළද දින කිහිපයක් ගතවන විට කතාව ගම පුරා පැතිර ගොස් තිබුණි.

