අගනුවර වැඩපලකදී සිය දියණිය හා මිතුරුවී ඇගේ තනි කැමැත්තට විවාහ රිජිස්ටාර් පොතේ අත්සන තබා නිවසට පැමිණි බෑනා නැන්දම්මා විසින් ආදරයෙන් පිළිගත්තද පසුව ඔහුගේ ‘සංගීත පිස්සුව’ නොරිස්සූ ඇය පොලිසියට යාමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාතෙනි.
පොලිසියේ පැමිණිලි අංශයට ආ ඇය කී කතාවට සවන්දුන් එතැන සේවය කළ පොලිස් නිලධාරීයා අන්දමන්ද විය.
“ඌ සංගීත පිස්සෙක් සර්. තේ එක දුන්නම පීරිසි තට්ටුවට කෝප්පෙන් ගහ ගහ තාලෙ අල්ලනවා. කෑම එක දුන්නම පිඟානට තට්ටු කර කර උරුහම් බානවා. එළවළු එක්ක කෑම එක මේසෙට ඇරියම හැඳිවලින් තට්ටු දමා සින්දු කෑලි කියනවා. බැරිම තැන මේව නවත්වන්න කිව්වම මගේ ඇඟට කඩා පනිනවා. පසුගිය ටිකේම ජෝඩුව මාත් එක්ක වලි. එක්කො ඌ යවන්න නැත්තං මං යනවා” ඈ කීවේ කෝපයෙනි.
පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ නිවසට පරීක්ෂණ සඳහා ගියත් ඒ වනවිට ජෝඩුවම අගනුවරට ගොස්ය.
(තිහගොඩ උපසේන ලියනගම)

