බාල වයසේදී ඇති කරගත් ප්‍රේම සබඳතාවක් නවත්වන්නැයි මවුපියන් සිය දැරියට අවවාද කළ මුත් එම ඉල්ලීමට කන් නොදුන් ඇය සිය පෙම්වතා සමග දිගින් දිගටම සම්බන්ධතාව පවත්වා ගෙන ගොස් තිබේ.
නමුත් දියණියගේ අධ්‍යාපනය කඩාකප්පල් වේයැයි බියට පත් මවුපියන් සිද්ධිය පොලිසියෙන් විසඳා ගැනීමට තීරණය කළේ පොලිස් නිලධාරීන් ලබාදෙන උපදෙස්වලට හෝ ඇය ඇහුම්කන් දෙනු ඇතැයි විශ්වාසයෙනි.
පොලිස් නිලධාරීන් අදාළ තරුණයාද පොලිසියට කැඳවන ලදී. පසුව නිලධාරීහු දෙදෙනාටම කරුණු පැහැදිලි කරදී උපදෙස් ලබාදුන්හ. එය ගණනකටවත් නොගත් තරුණිය වයස අවුරුදු දහඅට සම්පූර්ණවූ වහාම තමන් සිය පෙම්වතාට විවාහ කරදෙන ලෙස ලිඛිතව පොරොන්දුවක් තමාට ලබාදෙන ලෙස ඉල්ලුවාය. කිසිදු තැතිගැන්මක් නොමැතිව සියලුදෙනා ඉදිරියේ සිය දියණිය කළ මෙම ඉල්ලීමෙන් මවුපියෝ පමණක් නොව පොලිස් නිලධාරීහුද පුදුමයට පත්වූහ.

