සිය විවාහක බිරිඳගෙන් පොලු පහර කා අනියම් බිරිඳ ලවා තෙල්ගාවා ගත් පුද්ගලයකු සම්බන්ඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 44 හැවිරිදි දෙදරු පියෙක් සිටී. මොහු කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක වසර 12 ක පමණ කාලයක සිට රැකියාවක් කරයි. මෙම දෙදරු පියා පෞද්ගලික ආයතනයේ සේවය කරන සැමියා හැර ගොස් සිටින එක් දරු මවක සමග වසර පහක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇති බව ද වාර්තා වෙයි.
මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳ විවාහක බිරිඳ දැන ගෙන ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. ඒ දුරකථනයේ තිබූ කෙටි පණිවිඩ කිහිපයකිනි.
සිය සැමියා අනියම් සම්බන්ධයක් පවත්වනවා යැයි දැන ගත්ත ද බිරිඳ ඒ සම්බන්ධයෙන් සැමියාගෙන් විමසීමට ගියේ ද නැත. පසු ගිය දිනක වැඩට යනබව පවසා වෙනදාට වඩා ලක ලැහැස්ති වී ගිය සැමියා පිළිබඳ බිරිඳට සැකයක් ඇති විය.
පසුව ඇය දරුවන් දෙදෙනාත් රැගෙන දහවල් කෑගල්ල නගරයේ සිය සැමියා සේවය කරන පෞද්ගලික ආයතනයට ගොස් සැමියා පිළිබඳව විමසීමක් ද කළාය. එහිදී ආයතනයේ සේවය කරන සේවකයකු කාන්තාවට පවසා ඇත්තේ සැමියා එදින වැඩට පැමිණියේ නැති බවත් පෙර දින වැඩ ඇරී නිවසට යන අවස්ථාවේ දී පසුදා නොඑන බව පවසා ගිය බවත්ය.
පසුව කාන්තාව දරුවන් දෙදෙනා සමග නිවසට පැමිණ ඇති බව ද වාර්තා වෙයි. සැමියාද වෙනදා පැමිණෙන වේලාවට නිවසට පැමිණියේය. ඔහු ඇඳුම් ගලවා නා ගැනීමට නිවෙස පිටුපස තිබූ වතුර ටැංකියට ගිය වෙලාවේ දි බිරිඳ දුරකථනය පරීක්ෂා කළාය.
එහිදි ඇයට දැකගත හැකි වි ඇත්තේ අනියම් බිරිඳ සමග මහනුවර වැව අසලදී කරට උඩින් අත දමාගෙන හා හෝටලයකදී අනියම් කාන්තාව යම් කෑමක් සිය සැමියාට කවන අයුරු ගත් සෙල්පි ඡායාරූප කිහිපයකි.
පසුව කාන්තාව සිය සැමියා නාගෙන ගෙට පැමිණීමෙන් පසුව අද ඔයා වැඩට ගියේ නැද්ද? මම ගියා වැඩ කරන තැනට ඔයා සිටියේ නැහැ කොහේද අද හදීසියේම ගියේ යැයි ඇසුවාය. පසුව දෙදරු පියා පැටලි පැටලි බොරු ගොතනවිට කාන්තාව තරමක් ආවේගශීලි වූවාය. දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් වූ අවස්ථාවේ දෙදරු පියා බිරිඳට අතින් පහර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
පසුව දරුවන් දෙදෙනාගේ ද හඬා වැළපීම මධ්‍යයේ බිරිඳ කුස්සියේ තිබු පොල්ලකින් සිය සැමියාගේ පිට හරහා පහර කිහිපයක් එල්ල කළාය. පසුව දෙදරු පියා සාමාන්‍ය ඇඳුමෙන් සැරසී බසයෙන් අනියම් කාන්තාවගේ නිවසට රාත්‍රියේ ගොස් පොලු පහර වැදී ගෙඩි ගැසුණු තැන්වලට තෙල් ගල්වාගත් බවද වාර්තා වෙයි.
-කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න