බසයේදී බෑගය තියාගන්න දුන් කත දුරකථනයට වැඬේ දීලා


කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබුණු බසයක් මගීන්ගෙන් පිරී පැවැති අතර, එම බසයේ ඉදිරිපස අසුනක, වයස අවුරුදු 60ක පමණ වන ගුරු මාතාවක් අසුන්ගෙන සිටියාය. 

එම බසය ටික දුරක් යනවිට අවුරුදු 25-30 අතර තරුණ කාන්තාවක් කුඩා දරුවකුද සමඟ ගොඩවූ අතර, ඇය දරුවා වඩාගෙන බසයේ හිටගෙන යනු දුටු ගුරු මාතාව තම අසුනෙන් නැගිට තම ආසනය ඇයට පිරිනමා තම අත වූ බෑගයද ආරක්‍ෂා කිරීමට ඇයට දුන්නාය. එම බසය කිලෝමීටර් කීපයක් දුර ගිය පසු තරුණ කාන්තාව ගුරු මවට ආසනය සමඟ බෑගය ආපසු දී බසයෙන් බැස ගියාය.

බසය ටික දුරක් ගිය පසු ගුරුතුමියට හදිසි දුරකථන ඇමතුමක් දීම සඳහා බෑගය ඇර බලන විට බෑගය තුළවූ තම ජංගම දුරකථනය සහ රුපියල් හයදහසක මුදල් අතුරුදන්වී තිබෙනු දැක ඇය සෙසු මගීන්ට කියා සිටියේ බෑගය තියාගත් කාන්තාව බෑගයේ තිබුණු මුදල් සහ දුරකථනයද රැුගෙන බැස ගොස් තිබෙන බවයි.