බසයේ රාක්කයෙන් වැටුණූ බෑගය ජනේලයෙන් ඉවතට


බසයේ රාක්කයේ තිබූ බෑගය තමාගේ ඇඟට වැටීමෙන් කේන්ති ගිය පුද්ගලයෙකු එම බෑගය එක්වරම ජනේලයෙන් ඉවතට විසිකිරීමේ පුවතක් මහනුවරින් වාර්තා විය.

පසුගිය දිනක මහනුවර සිට පේරාදෙණිය බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක සෙනග පිරී සිටි බැවින් බසයට නැගි මගියෙකු තම කාර්යාල බෑගය ඉඳගෙන සිටි කිසිවෙකු නොගත් නිසා බස් රථයේ රාක්කයට දමා ඇත. මුල්ගම්පල ප්‍රදේශයේදී එක්වරම බෑගය රාක්කයෙන් වැටී ඇති අතර එය එතැන අසුණේ සිටි තරුණයෙකුගේ ඔඩොක්කුවට වැටී ඇත. අසුනේ සිටි තරුණයාට කේන්ති ගොස් එක්වරම බෑගය ධාවනය වන බස්රියෙන් ඉවතට විසිකොට ඇත.

මෙය දුටු අයිතිකරුට කරකියාගත දෙයක් නොමැතිව එක්වරම බසයේ සීනුව නාදකර බසයෙන් බැසගොස් ඇත. අවට සිටි පුද්ගලයින් අදාළ තරුණයාට දොස් පවරා ඇති අතර තරුණයා පවසා ඇත්තේ තමන්ට පහසුවෙන් බස් රථයේ ගමන් කිරීම අවශ්‍ය බවත් එම සිද්ධිය අනෙක් අයට අදාළ නොමැති බවත්ය.

(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)