පෞද්ගලික බස් රථයකි. රියැදුරු, කොන්දොස්තර දෙදෙනාම තරුණයෝ. වේගයෙන් පැමිණි බස් රථය තලාහේන කනත්ත පසුකර ඉදිරියට ඇදෙන්නට විය. පොලිස් රථයක් අසල සිටි පොලිස් නිලධාරීහු වහාම බසය නැවැත්වූහ. “ඇයි නැවැත්තුවේ. කොන්දොස්තර චණ්ඩියකු විලසින් විමසීය.

“බස් එකේ ඩිම් ලයිට් නැහැ. මේ රෑ හෙඞ් ලයිට් දාගෙන එළවන්න පුළුවන්ද? විමසූ නිලධාරියෙක් දඩ කොළය ලියන්නට විය. රියැදුරාද එතැනට පැමිණියේය.
“දඩ කොළ නම් ලියන්න එපා. කනේ කරාබුවක් පැළඳ සිටි කොන්දොස්තර පැවසීය. “ඇයි ලියන්න එපා කියන්නෙ. එහෙම පුළුවන්ද? එක් පොලිස් නිලධාරියෙක් කීය.
“දඩ කොළයක් ලිව්වොත් අපි බස් එක හොල්ලන් නැහැ. මෙතනම තියෙන්න අරිනවා. එතකොට බස් එකේ ඉන්න මිනිසුන්ට තමයි ප්‍රශ්නේ. කොන්දොස්තර වීරයෙකු සේ පැවසීය.
රැකියාව නිමා කර වෙහෙස මහන්සි වී යන මගීන් ගැන අනුකම්පා කළ පොලිස් නිලධාරීහු බසය මුදාහැරියහ. බසය පිටත් විය.
එතැන රැස්ව සිටි බොහෝ දෙනෙක් කොන්දොස්තරගේ නොහික්මුණු කතාවට අප්‍රසාදය පළ කළහ. ‘මුං නිල ඇඳුමකටවත් ගරු කරන්නැහැනේ. කොන්දොස්තර නම් කුඩු ගහපු එකෙක්. දැන් මුන් වැරදි කරලා මගීන්වත් ප්‍රාණ ඇපයට ගන්නවනේ අයෙක් පැවසීය.
“වැඩ ඉවර වෙලා මහන්සියෙන් යන මිනිස්සු නිසයි අපි එයාලට යන්න දුන්නේ” එක් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ක්‍රිස්ටෝපර් සිපියන්

