තමා ධාවනය කළ බස් රථයේ බල්ලෙකු වැදී මියයාම නිසා අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත රුපියල් පන් දහසක දඩයක් ගෙවීමට සිදු වූ බස් රියැදුරෙකු පිළිබඳව පසුගියදා ඌව පළාතෙන් අසන්නට ලැබිණි.
සෙනඟ පුරවාගෙන ගිය මේ බස් රථයේ වැදී තිබුණේ බලු පොරයකට ලක් වී දිවගිය දඩාවතේ යන බල්ලෙකි.
මේ සඳහා එම ස්ථානයේදීම දඩ කොළය ලියා ඔහුට බාර දී ඇති අතර මියගිය සුනඛයා වහාම වළ දමන ලෙසටද ඔහුට නියෝග ලැබුණත් විශාල සෙනඟක් රැගෙන ගිය බස් රථය මේ කටයුතු සඳහා නතර කර තැබීමට මගීන් විරෝධතාව පළ කිරීම නිසා ඒ අවට සිටි තරුණ පිරිසකට මියගිය බල්ලාගේ අවසන් කටයුතු චාම් ලෙස සිදුකිරීමට සිදු වුණාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)

