බලන්න ගියදාම මනාලියගේ උත්තරෙන් මනාලයා උඩගිහින්



 යෝජිත මනාලියක් බැලීමට කපුවකු සමග වැලිගම ප්‍රදේශයට ගිය කණ්ඩායමක් මුහුණ පෑ අපූරු අත්දැකීමක් පසුගියදා අසන්නට ලැබුණේ යෝජිත මනාලයාගේ පැත්තෙනි.


 මේ නිවසට ගොස් සතුටු සාමීචියෙන් පසු උදෑසන තේ සංග්‍රහයද භුක්ති විඳීමෙන් අනතුරුව මනාල පාර්ශවයේ පියාට මේ කටයුත්ත පිළිබඳව මහා සතුටක් ඇතිවිය. දෙපාර්ශවයේම කතාබහ මැද පියා තම පුතුට කීවේ යෝජිත මනාලිය සමඟ නිදහසේ කතාබහ කරන හැටියටය.


 දෙදෙනාම මද කෝලයකින් යුතුව කතාබහ ආරම්භ කළත් වැඩිපුර කතාවට දෙයක් නොවූයෙන් මනාලිය “ඔයාලගෙ තාත්තට නම් මෙහේ හොඳට හිතට අල්ලලා” කීවේ සිනාසෙමිනි.


 “තාත්තා ආ හැටියේ ඉස්සරහ මිදුලෙ තිබුණු පොල් ගොඩ දැකල පුදුම වුණා. මට කිව්වේ නියම තැනක් කියලා.” මනාලයා කීවෙන් ඇයට දෙවියන් සිහිවිය.
“ඒව අපේ නෙමෙයි අනේ. වත්තේ මහත්තයා පොල් එකතු කරල තියල පස්සේ ගෙනියනවා.” ඇය කීවෙන් මනාලයාගේ ඇස් උඩ ගියාලු.

 (තිහගොඩ උපසේන ලියනගම)