පොල් කඩන ගමන් ගංජාත් විකුණලා


(අම්බලන්තොට සනත් ගමගේ)

පොල් කඩන ගමන් ගංජා විකිණීමත් සිදුකළ පුද්ගලකු ගංජා මිලි ග්‍රෑම් 48,000ක් සමග විතාරන්දෙණිය, මල්බෙරිගමදී අත්අඩංගුවට ගත් බව මාතර - හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.

පොල් කඩන රැකියාව සිදුකරන අතර අතිරේක ගංජා විකිණීමත් සිදු කරන බවට ලද තොරතුරක් මත සැකකරු පරීක්ෂා කිරීමේදී ගංජා තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාතර - හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය  වැටලීම් ඒකකයේ සැරයන් (32045) ජගත්, කොස්තාපල් (44957) අජිත්, (73067) අනුරාධ යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වුහ.