පාරිභෝගිකයින් නිතර යනෙන ආයතනයක පෝලිමේ සිටි මහත්වරු දෙදෙනෙකි. ඔවුන් අතර පැවති ආරවුලක් යලි මතුවී දෙදෙනාම පොර බදමින් එකිනෙකා සමග ඇනකොටා ගන්නට වූහ. මිතුරෙක් දෙදෙනාව දෙපැත්තට කළ අතර දෙදෙනාටම සුළු වශයෙන් තුවාල සිදුවිය. එක් අයෙක් තම වාහනයට නැගී පිටවූ පසු අනෙකාද මිතුරා සමග වාහනයෙන් පිටවිය.
ආරක්‍ෂක නිලධාරියාට කතා කළ ආයතනයේ නිලධාරියෙක් “එස්.ඕ. ඇයි බලන් හිටියේ රංඩුව බේරන්න තිබුණනේ” යැයි පැවසීය. ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දෙමින්, “සර් ඔහොම කිව්වට රංඩු උන දෙන්නම වැදගත් කස්ටර්මස්ලා දෙන්නෙක්. අනෙක මැනෙජර් මහත්තයා, දෙන්නම හොඳට අඳුනනවා. මම එතැනට ගිහින් රංඩුව බේරන්න හැදුවොත් මට විරුද්ධව කම්ප්ලේන් කරයි. කස්ටර්මස්ලාට සලකන්නේ නැහැ කියලා. එතකොට මට ට්‍රාන්සර් එකක් ලැබෙයි.
රුපියල අස්සේ අළුක්කාල ගහන්න ඕනේ නැහැනේ. ආයතනයේ දේපලවලට හරි සර්ලට හරි ප්‍රශ්නයක් උනොත් මට අතදාන්න පුළුවන්. යනුවෙන් පැවසීය. පසු දින ආරවුල ඇති කළ දෙදෙනාම සතුටු සාමීචියේ යෙදෙමින් කළමනාකාර මහතාගේ කාමරයට ඇතුළු වූහ. ආරක්‍ෂක නිලධාරියා පෙරදින කතා කළ නිලධාරියාට ඇස් කොනින් දසුන පෙන්වීය.

