තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ.
ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පෙතෙන්. ටික කලකින් මුහුණු පොතෙන් මැසේජ් කර ඔවුන් පෙම්වතුන් වී ඇත. පසුව එකිනෙකා නොදැක සිටීමට බැරි තරමට පේ‍්‍රමය දුරදිග ගොස් තිබේ. පසුව කතිකා කරගත් පරිදි ඇය හමුවීමට දිනයක් වෙන්කර ගත්ත ද ඇයට ගෙදරින් පිටවීමට අවසර නොමැති නිසා මුණ ගැසීමට නොහැකි වී ඇත. ඇයට ගෙදරින් පිටවීමට අවසර නොදීමට හේතුවද ඇය මුහුණු පොතේ දහදොළොස් දෙනෙකු මුණ ගැසීමට ගොස් ගෙදරට අසුවීම නිසාය. ඒ වනවිටත් ඇයට මුහුණු පොතේ පිරිමි මිතුරන් හතර පස් දෙනෙක් සිටි අතර ඔවුන්ගෙන් දහ දොළොස් දෙනෙකු ඇය මුණ ගැසීමට පැමිණ තිබේ.
සිද්ධිය වූ දිනයේ ද ඇයට අමතක වී වෙනත් මුහුණු පොතේ මිතුරෙකුට ද නිවැසියන් නින්දට ගිය පසු ඉටිරෙදි ආවරණය කළ ජනේලයෙන් ඇයගේ කාමරයට එන ලෙස දන්වා තිබේ. නියමිත තරුණයා ප‍්‍රීතියෙන් ඇගේ නිවස අසලට පැමිණ ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇත. අමතක වී අද දිනයේ පැමිධෑමට පැවසූ බව මතක් වූ ඇයට දෙවියන් සිහි විය. පසුව ඇය කල්පනා කර වරද ඔහු පිට පැවරීමට සිතා ඇයගේ මවගේ කාමරයේ ජනේලය ගැන ඔහුට පවසා ඇත.
සතුටු සිතින් ඉටි රෙදි ආවරණය වූ ජනෙල් කවුළුවෙන් කාමරයට පැන පෙම්වතියගේ නිදා සිටි මව අසලට කළුවරේම පැමිණ මම ආවා යයි පවසා ඇත. එවිට පෙම්වතියගේ මව ”මෙන්න මිනි මරණවෝ” යැයි කෑ ගසා ඇත. ජනෙල් කවුළුවෙන් ආපසු පැන්න පෙම්වතා අසල වූ ලන්දකට මුවා වී සිට සිද්ධිය සංසුන් වූ පසු හිමිහිට මාරු වුණාලූ.

