පෙම්වතා මවගෙන් සොරාගෙන පෙම්වතියට දුන් රන් මාලය ඇයටම ආපසු දීලා


පියාත් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මැද හදා වඩාගත් තම එකම පුතු කරදඬු උස් මහත් වූ පසු පාසල් කාලයේ දීම තම මවගේ රන් මාලය සොරාගෙන පෙම්වතියට ලබාදීමෙන් පසු පෙම්වතිය එය නැවත  පෙම්වතාගේ මවට ලබා දුන් සිදුවීමක් පසුගිය දිනක එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එක් මවක් තම තරුණ කාලයේ දීම තම සැමියා මිය යාමෙන් පසු තම පුංචි පුතු ද සමග ජීවත් වූයේ බොහෝ දුක් කම්කටොළු තම හිස මත දරා ගනිමිනි. තම දරුවා වෙනුවෙන්ම මුළු ජීවිතයම කැපකළ ඇය වෙනත් විවාහයක් ද සිදුකර නොගත්තේ තම දරුවාගේ යහපතම පතන නිසාවෙනි.
කාලයත් සමග තම සිඟිති පුතුගේ යෞවන කාලය උදා  විය. යෞවනය උදාවීමෙන් පසු ඔහු පාසලේ සිටි රූමත් තරුණියකට පෙම් බදින්නට විය. තරුණිය ද පාසලේ දී හමු වූ මෙම තරුණයාට හදවතින් ම පෙරලා ආදරය කළේය.


කාලය මෙසේ ටිකෙන් ටික ගෙවී යද්දී මෙම තරුණයාට තම පෙම්වතියට තෑග්ගක් දීමට අවශ්‍ය විය. අතේ කිසිදු මුදලක් නොමැති ව සිටි ඔහු දස අතේ කල්පනා කර අවසන් මොහොතේ තම මවගේ ගෙල බැඳි රන් මාලය සොරකම් කිරීමට තීරණය කළේ ය.
පසුව ඔහු මෙම ත්‍යාගය තම පෙම්වතිය අත තැබුවේ හද පිරි සතුටකිනි. එහෙත් ඔහු පිළිබඳව හොඳින් කරුණු  දැනගෙන සිටි ඇයට බලවත් දුකක් දැනුණ පසුව ඇය තම පෙම්වතාගේ හිත නොරිදා ඔහුට කරුණු පැහැදිලි කර ඔහුගේ මවගේ රන් මාලය  ඇයටම ලබා දීමට කටයුතු කළේ වත්මන් පරපුරට වටිනා ආදර්ශයක් දෙමිනි.