පිපික්‍ඳ්ඤා කිලෝව 25 ට දී 180 ට මිලට අරන්


(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)

පිපික්‍ඳ්ඤා කිලෝව රුපියල්  25 බැගින් අලෙවි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ ව්‍යාපාරිකයකුට පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 180 කට මිලදී ගැනීමට වූ සිද්ධියක් මාතලේ පොදු වෙළඳ සංකීර්ණයෙන් වාර්තා විය.

මෙම සිද්ධියට ලක්වී ඇත්තේ දඹුල්ල ආර්ථික වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් දැනට එම සංගමයේ විගණන නිලධාරි හා එළවළු තොග වෙළෙඳ ව්‍යාපාරික අයි.ජී. විජේනන්ද මහතාය.

ඔහු පවසන අන්දමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් 17 වැනිදා පිපික්‍ද්ඤා තොග මිල කිලෝවක් රුපියල් 25 කි. එම මිල ගණන්වලට තමාද පිපික්‍ඳ්ඤා අලෙවි කළ බව පැවැසීය.

මෙදිනම සවස මාතලේ පිහිටි සිය නිවෙසට ගෙන යෑමට මාතලේ සුපිරි වෙළඳ සංකීරණයේ එළවළු වෙළඳ සැලකින් එළවළු මිලදී ගත් අතර පිපික්‍ඳ්ඤා කිලෝවක සිල්ලර මිල රුපියල් 180 ක් වී ඇත. මෙවැනි මිලක් තමන්ටම ගෙවීමට සිදුවීම මවිතයට හේතුවක් බව ඔහු පැවැසීය.