පියල් තම ප්‍රදේශයේ කාගේත් සිත් දිනා ගැනීමට ලක් වූයේ ඔහුගේ තැන්පත් බවත්, කිසිවකුගේ සිත නොරිදෙන අයුරින් කතා නොකිරීමත්, ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුට උදව් උපකාර කළ බැවිනි. පොහෝ දිනට මෙන්ම උත්සව අවස්ථාවල ද ගමෙහි පන්සලෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ද ඔහු විසිනි.
පසුගිය දිනෙක යතුරුපැදි අනතුරකට ලක්ව රෝහල්ගතව සිට නිවසට පැමිණි ඔහුගේ සැප සනීප බැලීම සඳහා විවිධ තරාතිරම්වල පුද්ගලයන් නිවසට පැමිණියේ ඔහු වඩාත් කැමති ආහාරපාන ද රැගෙන ය.
මේ අතර ඔහුගේ දියණිය අධ්‍යාපනය ලබන පාසලේ මුල් ගුරුතුමා ද තම දියණිය සමග ඔහු බැලීමට පැමිණියේ සුප් බඳුනක්ද රැගෙන ය. ඒ යන විටත් තවත් පුද්ගලයෙකු ඔහු බැලීමට පැමිණ සිටියේය. ඔහු නමින් කමල් ය. මේ අය අනතුර පිළිබඳ තොරතුරු කතා කරමින් සිටි අතර, ගුරුතුමා විසින් ගෙන එන ලද සුප් පියල්ගේ බිරිඳ කමල්ටත් පියල්ටත් පිළිගැන්වූවාය. සුප් බඳුන් අතට ගත් එම දෙදෙනා ගුරුතුමාගෙන් විමසා සිටියේ මේවාට මස් මාංශ මිශ්‍රකර තිබෙනවා ද යනුවෙනි. ගුරුතුමා ‘‘ඔව් මේවා චිකන් සුප්’’ යනුවෙ න් පවසනවාත් සමගම් ’ අනේ අපි දෙදෙනාම නිර්මාංශයිනේ. මොනවටද අපි පව් පුරවා ගන්නේ ’’ කියා පැවසුයේ ශාන්ත ස්වරයෙනි. ඒ තමන්ගේ සිල්වත් බව ප්‍රදර්ශනය කිරීම සඳහායි.
තොරතුරු කතාකරමින් සිටින මේ අය අතරින් එක්වරම ගමන්කලේ විශාල වර්ගයේ පත්තෑයෙකි. මේ දුටු සැණින් කමල්, පියල් හට පැවසුයේ ‘මේකා විසකුරු සතෙක් , යන්න ට දෙන්න එපා, මරල දාන්න ’ යනුවෙනි. ඒ ඇසුන සැණින් එක් අතක් බැන් ඩේජ් කරගෙන සිටි පියල් අනෙක් අතින් තම සෙරෙප්පුව රැගෙන එම සතා තළා දැමුවේ කිසිදු අනුකම්පාවකින් තොරවය.
රෝගියා බලා ගෙදර යන ගුරුතුමා හට තම දියණිය පවසා සිටියේ ‘‘තාත්තේ අපි අරන්ගිය සුප්වලට කුකුළු මස් දමපු නිසා බොන්නේ නැහැ කියපු අර මාමලා, අහිංසක සතා මරා දමපු හැටි පුදුමයි නේද’’ යනුවෙනි. ‘‘ඔව් දුවේ සමහර අය පිං කරන්නේ ලෝකෙට පේන්න විතරයි නේ’’ කියමින් දියණියගේ හිස අත ගෑවේ කිසිවක් කර කියා ගත නොහැකිවයි.