පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය කඩා කුණු කූඩයට දැමීමෙන් පැමිණිලිකරුවෙකු අමාරුවේ වැටුණු පුවතක් වයඹ පළාතෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේ විය.
එක්තරා සංචාරක හෝටලයක පැවැති සාදයක් අතරතුර මෙරට පදිංචි විදේශීය ව්‍යාපාරිකයකු හා ලාංකිකයකු අතර වූ බහින්බස් වීමකදී විදේශිකයාගේ අත රැඳි ඇස්කණ්ණාඩිය අතට ගත් ලාංකිකයා එය විසිකර දැමීම නිසා එම ඇස් කණ්ණාඩියට හානිවීම හේතුවෙන් මෙම සිද්ධිය සාමය ආරක්ෂා කරන ආයතනය දක්වාම දුර දිග ගොස් තිබේ.
ඇස් කණ්ණාඩිය වටිනා එකක් වීමත් විදේශිකයා තමන්ගේ විදේශික ඌෂ්ණෙන් ස්වදේශිකයකුගෙන් වූ අවමානයත් නිසා මේ ගැන තදින් සිටිය බවයි වාර්තා වුණේ.
ලාංකිකයා තමන් අතින් සිදුවූ වරද ගැන සිතා එය සිද්ධිය පැමිණිල්ල විභාග කරන දවසේ ඉහත විදේශිකයා අත තිබූ ඇස් කණ්ණාඩියට සමාන එකක් මිලදී ගෙන එම සිද්දිය සමථයකට පත් කරගන්න ගොස් තමන් ගෙනා අලූත් ඇස් කණ්ණාඩිය පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ මේසය උඩින් තබා ඇත.
පොලිස් නිලධාරියා විදේශිකයාට මෙම සිදුවීම සමථයකට පත් කරගන්න කරුණු පැහැදිලි කරමින් සිටියදී ඉහත විදේශිකයා එම මේසය උඩ තිබූ ඇස් කණ්ණාඩිය අතට ගෙන මෙය තමන්ට වුවමනා නැති බව පවසා කඩා කුණු කූඩයට දමා ඇත. ඒත් පසුව බලද්දී කඩා කුණු කූඩයට දමා ඇත්තේ පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය බව තේරුම් යාමෙන් පැමිණිලිකරුට වගේම විත්ති කරුටත් අලූත් ඇස් කණ්ණාඩියක් අරන් දෙන්න වියදම් ගියාලූ.

