පාර්ලිමේන්තුවේ කොහිල වෑංජනය මතක්වී පොළෙන් ගෙනා කොහිලත් විසිකරලා


හැමදාමත් අල්ලපු ගෙදරින් පුවත්පත ඉල්ලාගෙන බලන ඇය ඔවුන් සමග වූ අමනාපයක් නිසා  පොළට යාමට සූදානම් වූ සැමියාට කීවේ පුවත්පතක්ද රැගෙන එන ලෙසටය. සැමියා පොළෙන් එළවළු ගත් පසු අසල වෙළෙඳ සලකින් ‘ලංකාදීප’ පුවත්පතද මිලදී ගත්තේය. සැමියා ගෙදර ආ පසු එළවළු මල්ල මඳක් පරීක්‍ෂා කොට එය රාක්කයේ තබා පුවත්පත රැගෙන ඇය ඉස්තෝප්පුවට ආවාය. එහි මුල් පිටුවේ වූ වාර්තාවක් කියවූ ඇය ‘‘හත් දෙයියනේ’’ කියාගෙන යළි කුස්සියට දිවවිත් එළවළු මල්ල යළි පරීක්‍ෂා කළාය. එහි තිබූ කොහිලඅල කීපය තෝරා පසෙකින් තැබූ ඇය ‘‘මේවා අල්ලන්නට වත් එපා’’ යැයි සැමියාට කීවේ බියෙනි. ”ඇයි?” සැමියා ඇසීය. ඇය පුවත්පතේ මුල් පිටුව පෙන්වුවාය. එහි තිබුණේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ උයා තිබූ කොහිල ව්‍යංජනයක සයනයිඞ් අඩංගු බවකි. සැමියා සිනාසුණත් ඇය කොහිල අල ටික එළියට දැමුවේ ‘‘ඔයාට තව හිනා’’  කියමින් ලූ.