කාලයක සිට පැවැති පවුලේ ආරවුලක් හොඳින් හෝ නරකින් පිරිමසා ගැනීමට උපායක් ගැන නිරන්තරයෙන් කල්පනා කරමින් සිටි කාන්තාවකට අපූරු නුවණක් පහල විය.
ප්රශ්නයක් ඇතිවුන විට ප්රශ්නයේ කෙළවර වන තැනත් ඉවසිය යුතු බවද ඇයට කල්පනා විය. අසන්නට ලැබුණ පරිදි ඒ කථාව මෙසේය.
මෙම පුවත වාර්තා වූයේ බිංගිරිය ප්රදේශයෙනි.
ඇය විවාහක කාන්තාවකි. නිතර දෙවේලේ සිදුවන පවුලේ ආරවුල් කෙළවරක් නොවන නිසා ඇය ජිවිතයෙන් සමුගැනීම සැනසීමක් බව සිතාගෙන කල් ගෙවමින් සිටියාය. කාගෙන් බේරුණත් අවසානයේ මාරයාගෙන් බේරෙන්නට බැරිවන බවද ඇයට වැටහුණි.
එබැවින් උපායශීලිව කරන දෙයක් වරදින්නේ නැතිව කළ යුතු බව තීරණය කළ ඇය තම ගෙවත්තේ පිහිටි ළිඳට බැසීමට කඹයක් ද සොයා ගත්තාය.
ඇය කඹය ළිං කනුවේ ගැට ගසා හිමින් සීරුවේ ළිඳට බැස්සාය. ගිලෙන්නට තරම් ප්රමාණවත් වතුරක් ළිඳේ නොතිබුණ නිසා ජීවිතය බේරා ගන්නට හැකිවන බවද ඇය දැන සිටියාය. කෙසේ වෙතත් කඹයේ බාගයකටත් වැඩි කොටසක් අමාරුවෙන් බැස ළිඳේ අඩිය කිට්ටුවට එන අවස්ථාවේ කඹය ලිස්සායාම හේතුවෙන් ඇය ළිඳට වැටී තිබුණි.
ළිං අඩියේ වැදී නතර වුණ මේ කාන්තාව ‘මාව බේරා ගන්න කෙනෙක් නැද්දෝ - අයියෝ මාව ඉක්මනින් ගොඩට ගන්න’ ආදි වශයෙන් පැය හතරකටත් වඩා වැඩි කාලයක් විලාප නගමින් ළිඳ තුළට වී ඉන්නට ඇයට සිදුවිය.
පසුව ළිඳ අසලින් ගිය අසල්වැසියෙකු සිද්ධිය දැක ගමේ අය කීපදෙනෙකු සමග එක්ව ළිඳට වැටුණ කාන්තාව ගොඩට ගෙන තිබුණි. සුලු සීරිම් හා තැලීම් හැරෙන්නට වෙනත් කිසිම අමාරුවක් ඇයට නොතිබුණ බවත් ප්රදේශයේ බොහෝ දෙනෙකු අතර මෙය ජනප්රිය කථාවක් බවට පත්වී ඇත.
බිංගිරිය වික්ටර් සෝමවීර