බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
‘කැඩුණු ප්ලාස්ටික් පුටුවකට අලුත් බේසමක්, පරණ යකඩ, පරණ පත්තර ආදිය අපට දී මුදල් ලබා ගන්න’ යැයි කියමින් දිනපතා ලොරි රථ වලින් ඉවත දමන දෑ මිලදී ගෙන යයි.
පසුගිය දිනෙක සවස මෙම ලොරි රථයක් ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියව කියවා යන විට වාහනයේ එතරම් අබලන් නොවූ පාපැදියක් තිබෙන අයුරු කෙනෙක් දුටුවේය.
වහා පාරට පැන ලොරි රථය නැවතු ඔහු මේ බයිසිකලය කොහෙන්ද? මේක මගේ බයිසිකලේ. දැන් දවස් දෙක තුනක් වෙනවා. මේක නැතිවෙලා. වහාම ලොරිය නවත්වන්න. අපි දැන් යමු පොලිසියට’
බයිසිකලයට අයිතිය කියමින් ඔහු ලොරි රථයේ පිරිසට ගෝරනාඩු කරන්නට විය.
ලොරි රථයේ අයිතිකරු බිය විය. මොහුගේ කතාව ලොරි රථයේ අය පිළිගත්තේ දිගින් දිගටම කී කරුණු කාරණා ද සැලකිල්ලට ගනිමිනි.
පොලිසියට ගියොත් තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරිවෙන බව වැටහිණි. තමන්ට මුදලින් පාඩු වුණත් මෙය ගොඩින් බේරා ගැනීම සුදුසු බව ලොරි රථයේ අයිතිකරු වටහා ගත්තේය.
‘අනේ මහත්තයෝ. මේ ළඟ තැනකින් මම සල්ලි දීල ගත්තේ. මට සල්ලි ඕනෙත් නැහැ. පොලිසි යන්න ඕනෑත් නැහැ. බයිසිකලේ ඔබ තුමාගෙනම් අරගන්නැයි කියමින් බයිසිකලය ඔහුට ඇඟ බේරා ගත්තේය.
ලොරියෙන් බයිසිකලය බාගත් ඔහු ලොරියේ පිරිසට යටි සිතින් සිනාසෙමින් බයිසිකලය ගෙන ගියේ තමන්ගේ කපටි මොළය නිසා නොමිලයේම ලැබුණ වාසනාව කීයකට හෝ විකුණා දැමීම ගැන සිතමිනි.