වලපනේ අරුණ ඩයස්
බිමට වැටී තිබී හමුවූ කුරුලු කූඩුවක් සිය අතට ගෙන කුරුලු කූඩුව සිය පපුවට තුරුලු කර ගෙන ගමන් කරමින් සිටින අතරතුර එයින් දරුණු සර්පයකු මතුවීමේ සිද්ධියක් ඉකුත් දිනක වලපනේ ප්‍රදේශයෙන් වාර්තා විය.
සුන්දර පරිසරය දැක බලා ගැනීම සඳහා වලපනේ නගරයට ආසන්න ප්‍රදේශයක ඥාතීහු පිරිසක් ඉකුත් දිනක පාරක ගමන් කරමින් සිටියහ.
මෙම පිරිසට ගමන් කරමින් සිටි මාර්ගයේ වැටී තිබුණු කුරුලු කූඩුවක් හමුවීයේ අහම්බයෙන් මෙනි. හමුවූ කුරුලු කූඩුව ගමන් ගත් ඥාතීන් පිරිසේ අයකු කුරුලු කූඩුව සිය පපුවට තුරුලු කර ගෙන ගමන් කළේ එහි පැටවුන් සිටින බව සිතමිනි.
එසේ ගමන් කරමින් සිටියදී කුරුලු කූඩුව සිය අතින් ගිලිහී බිමට වැටුණේය. බිමට වැටුණු කුරුලු කූඩුව නැවත අතට ගෙන බිමට වැටීම නිසා කුරුලු කූඩුවේ සිටිනවා යැයි සිතු කුරුලු පැටවුන්ට අනතුරක් හෝ හානියක් හෝ සිදුවූවාදැයි බැලීමට ඥාතීන් පිරිස එක්වී විවර කර බලද්දී කුරුලු කුඩුවෙන් දරුණු සර්පයෙක් මතුවිය.
කුරුලු කූඩුවෙන් මතුවූ මේ දරුණු සර්පයා දුටු ඥාති පිරිස මහත් බියට පත්ව සීසීකඩ දුවන්නට වූහ.