වයඹ ප‍්‍රදේශයෙහි නිවෙසක බළල් පැටවුන් හයදෙනෙක් නිසා නිවැසියෝ දැඩි අසීරුතාවට පත්ව සිටින නිසා නිවසේ ගෘහණිය නිතරම තම සැමියාට ‘‘අනේ... මෙයා, බළල් පැටවු කොහෙටහරි ගෙනිහින් දාන්නකෝ...
දාන්න තැනක් නැත්නම් මුන්ට කෑම බීම තියෙන පන්සලකට ගෙනිහින් දාන්න කෝ ’’ යැයි කීවාය.‘‘
ඒ වැඬේ හොඳා. පවක් සිද්ධ වෙන්නෙත් නැහැනේ’’ යැයි සිතූ සැමියා නිවසේ තිබූ කාඞ්බෝඞ් පෙට්ටිය තුළ බළල් පැටවු හයදෙනා දමාගෙන රාත‍්‍රියෙහි පන්සලේ ගේට්ටුව අසලින් තබා හීන් සීරුවේ මාරු විය. රාත‍්‍රියෙහි ගේට්ටුව වැසීමට පන්සලේ හාමුදුරුවෝ ගේට්ටුව අසලට පැමිණෙන විට කාඞ්බෝඞ් පෙට්ටිය දැක විදුලි පන්දම දල්වා බලන විට බළල් පැටවු හයදෙනෙකු පෙට්ටිය තුළ දැක පන්සලේ ඇබිත්තයාට කතා කර ‘‘අනේ... පව් මේ පැටවු ටික පන්සලේ දාන ශාලාව පැත්තෙන් තියන්න’’ යැයි කීහ.
‘‘හාමුදුරුවනේ මේ පෙට්ටිය ඇතුළේ හැඳුනුම්පතක් තියෙනවා’’ යැයි ඇබිත්තයා කීය. හැඳුනුම්පත බැලූ හාමුදුරුවෝ ‘‘ආ... මේ අපේ දායකයෙක්නේ’’ යැයි පැවසූහ. හාමුදුරුවෝ පසු දින හැඳුනුම්පත හිමි දායකයාට පන්සලට එන්න කියා පණිවිඩයක් යැවූහ. දායක මහතා පන්සලට පැමිණ ‘‘අපේ හාමුදුරුවනේ මට එන්න කීවේ’’ යැයි ඇසීය.
‘‘ආ... දායක මහත්තයගේ හැඳුනුම්පත ඊයේ හැන්දෑවේ අර ගේට්ටුව ළඟ තිබූ කාඞ්බෝඞ් පෙට්ටියේ බැරි වෙලා ගිහින් තිබුණා. ඒක දෙන්න එන්න කීවේ.’’ හාමුදුරුවෝ කිසිවක් නොකියා හැඳුනුම්පත දුන්හ. හැඳුනුම්පත ලබා ගත් දායක මහතා වැඬේ මාට්ටු වූ බව දැනගත් නිසා කට උත්තර නැතිව එතැනින් හෙමිහිට මාරු වෙලා ගියේය.

