හදිසි අවශ්‍යතාවකට මුදල් ලබාගැනීම සඳහා කුලී රථයකින් බැංකුවකට ගිය කාන්තාවක් රියැදුරු අමතා කුලී මුදල් රැගෙන එනතුරු රැුඳී සිටින්නැයි කියද්දි ඒ අසල සිටි යාචකයකු ඉදිරිපත් වී බැංකුවෙන් ගන්නා තෙක් ණය මුදලක් දීමේ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය සැකෙවින් මෙසේය.
ජනාකීර්ණ නගරයක පිහිටි බැංකුවක් වෙත කුලී මෝටර් රථයකින් කාන්තාවක් පැමිණ ඇත. කුලී රථ රියැදුරා ඉල්ලූ මුදල දීමට තරම් මුදලක් ඇය අත නොතිබූ නිසා මොහොතක් බැංකුව ළඟ රථය ගාල්කරගෙන සිටින්නැයි කියා තිබේ. ඒ අනුව රියැදුරු රථය පාරේ අයිනකට ගනිද්දී ඒ අසල සිටි යාචකයෙක් කතා කර ”නෝනා කීයද ඉල්ලන්නේ මෙන්න තුන්සීයක් තියෙනවා.
ඒක දීලා එයා යවන්න. නෝනා මට බැංකුවට ගිහින් ඇවිත් දෙන්න කමක් නෑ” කියා ඇත. යාචකයාගේ පිහිටෙන් කුලී රථ රියැදුරා පිටත්කර පසුව බැංකුවට ගොස් මුදල් ලබාගෙන කළ උදව්වට වැඩිපුර ගානකුත් දීමට කාන්තාව උත්සාහ කර ඇතත්, යාචකයා එය බාරගෙන නැත.
”ඔයා අහිංසකයෙක් වුණත් මට ලොකු උදව්වක් කළා. තියන කෙනෙක්වත් මේ වගේ උදව්වක් කරන්නේ නෑ. මං ළඟ තිබුණු රුපියල් දාහේ නෝට්ටුව කවුරුවත් මාරු කරලා දුන්නෙත් නෑ. ලොකු උදව්වක් කළේ. තව ටික වේලාවක් කුලී රථය නතර කරගෙන සිටියා නම් මට තව ගානක් ගෙවන්නත් වෙනවා” කියා කාන්තාව යාචකයාට නොසෑහෙන්න ස්තුති කර පිටව ගොස් ඇත්තේ මේ සමාජයේ ඉන්න යහපත් මිනිස්සු මේ තත්ත්වයට වැටුණේ කොහොම දැයි සිතාගන්න බැරිවලූ.

