දිගුකලක් බස්නාහිර පළාතේ උසාවියක ලිපිකරුවකු ලෙස සේවය කොට විශ්‍රාම ලද ඔහු දෙදරු පියෙකි. දරුවන් දෙදෙනාම අගනුවර ඉහළ රැකියාවල නිරත වූ අතර ගෙදර සිටියේ ඔහු හා බිරිය පමණකි.
පසුගියදා රෝගී තත්ත්වයක් නිසා වෛද්‍යවරයකු වෙත ගියත් වෛද්‍යවරයා කීවේ, මෙය තරමක් ගැටලුසහගත නිසා රෝහල්ගත විය යුතු බවය.
තම දරුවන්ද බිරියද දැනුම්වත් කිරීමෙන් පසු රෝහලට ඇතුළුව වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව රෝගය සොයාගත් පසු තම දරුවන්ගේ උදව්වෙන් සති එක හමාරක් පමණ ප්‍රතිකාර ලබා ඔහු නිවසට ආවෙන් ගමේ හිතවතුන් නිවසට ආවේ ඔහුට සුබ පැතීමටය.
එසේ පැමිණි කාන්තාවන් කීප දෙනකු “ලියන මහත්තයාට හැදුණු ලෙඬේ මොකක්දැයි” ඇසූවිට ඔහු කීවේ, “ඒක කිව්වට උඹලට තේරෙන්නේ නෑ. ඉංගිරිසි ලෙඩක්. ඉංගිරිස් අකුරු ඉලක්කම් තියෙන ලෙඩක්” කියා මහත් ආඩම්බරයෙන් පැවසීය.
(තිහගොඩ උපසේන ලියනගම)

