(තිහගොඩ - උපසේන ලියනගම)
එකම ආයතනයක සේවය කරන මේ හිත මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු දකුණ ප‍්‍රදේශයේය. අනෙකා කන්ද උඩරටය.
පසුගිය අවුරුදු සමයේ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාගේ නිවෙසට ආවේ අවුරුදු අසිරිය විඳ ගැනීමටය. දින තුනක් එහි නතර වී සිටි ඔහු හතරවැනි දින උදෑසනම පැදුරටත් නොකියා ගොස් තිබුණි.
කරුණු සොයා බලන විට අනාවරණය වූයේ දකුණේ නිවසේ යහලූවාගේ බාලම දියණියද අතුරුදන් වූ බවකි. ගිනි පත්තු වූ මව තම අඩු වයස් බාල දියණිය පැහැරගෙන ගිය බවට තිහගොඩ පොලිසියට පැමිණිලි කිරීමට දිව ගියාය.
පොලිස් පරීක්‍ෂණ ඇරැඹිණි. සැකකරු අත්අඩංගුවට ගත් අතර බාල වයස් දියණිය පරීක්‍ෂණ කටයුතු සඳහා අදාළ අංශයට බාර දුන්නාලූ.

