නිවාඩු දවසේ හේතුව වැරැදිලා ජංජාලයක්


රජයේ කාර්යාලයකි. 


දිනය නිවාඩු දිනයකි.


අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක් සඳහා නෝනා මහත්වරු කිහිප දෙනෙක් එදිනද රාජකාරියට වාර්තා කළහ. 


ඒ අතරේ එක් නෝනා කෙනකු පැමිණියේ ප්‍රමාද වෙලාය. 


“මොකද මිස් අද පමාවුණේ.” යෙහෙළියෝ විමසූහ.


“අනේ අද අපට උපාසක දානේ... ඉතින් පිටි කිලෝ පහක ඉඳිආප්ප හදල අල හොදි හදල පන්සලට යැව්වා. ටිකක් පරක්කු වුණේ ඒකයි.”


“අයියෝ ඔයා අද පන්සලට උපාසක දානෙ හැදුවද? අද පෝය නිවාඩු නොවෙයිනෙ. හජ්ජි උත්සවේටනෙ නිවාඩු. ඉතින් ඔයාලගෙ ගමේ උපාසක ඇත්තො හජ්ජිවලටත් සිල් ගත්තද?”


පමාවූ නෝනා උත්තරය වැරදී ලෙස්සා ගියේ මුහුණ බෙරිකරගෙනය.

(දූනගහ - බටේපොල විජයසිරි)