නිරුවතින් ආ හොරා අපූරු වැඩක් කරලා


නිවෙසක් කොල්ලකෑමට රාත්‍රි නිරුවතින් පැමිණි පුද්ගලයකු වටිනා භාණ්ඩ සොරාගෙන පසුව ගෙහිමියාගේ සරමක් හා බැනියමක් ඇඳගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

සිද්ධිය සැකෙවින් මෙසේය.

නිවෙස් හිමියා පවුලේ අය සමඟ දින කිහිපයක් නිවෙසින් බැහැරව සිට ඇත. ගමන යාමට පෙර සිසීටීවී කැමරාව ක්‍රියාත්මක කර ගිය නිසා හොරා ගෙවත්තට ඇතුළුවූ ආකාරය පැහැදිළිව දක්නට තිබී ඇත. එහි දර්ශන පරීක්ෂා කිරීමේදී හොරා ගෙවත්තට ඇතුළුවී ඇත්තේ නිරුවතින් බව හෙළිවී ඇත. ගෙදර වටිනා භාණ්ඩ කීපයක් සොරාගත් හොරා පසුව නිවෙස් හිමියන්ගේ වැලක තිබූ සරමක් හා බැනියමක් ඇඳගෙන පිටව ගොස් තිබේ. පසුව නිවෙස් හිමියා මේ ගැන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන ඇත.

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)