රුපියල් දෙදහසක පමණ 20-50-100 මුදල් නෝට්ටු කලිසමේ සාක්කුවේ තිබියදීම රඹුකන්ඔයට බැස දිය නාගෙන ගොඩට පැමිණ තෙමී ගිය මුදල් නෝට්ටු අව්වේ වේලමින් සිටි පුද්ගලයකු ඉකුත්දා හතරලියද්ද නගරයේදී දක්නට ලැබිණි. මහමග ගමන් කරද් දී මිනිසුන් දෙන මුදල් මෙසේ එකතු කර ගෙන සිටි බවද හෙළිවී ඇත. හතරලියද්ද නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් මුදල් නොට්ටු වේළා ගැනීමට උදව් වී තිබේ.
(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක)

