(පින්නවල එන්.රණසිංහ)
නැන්දම්මා දැක්වූ සහයෝගයට ‘‘අත හිත නැන්දම්මාගෙන්’’ යැයි වැසිකිළියේ ලොකු අකුරෙන් ලියූ බෑණා කෙනකු පිළිබඳව පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය සැකවින් මෙසේය. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ග්‍රාමයක ජීවත්වන දෙදරු පියෙකි. රජයේ කාර්යාලයක කාර්යාල සහයකයෙකු ලෙස රැකියාව කරන්නෙකි. පවුලේ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද ඔහුගේ අභිප්‍රාය වූයේ නිවෙසේ ඉදිකිරීම් කටයුතු කෙසේ හෝ නිමකර ගැනීමයි.
නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා බැංකුවකින් ණය මුදලක් ද ලබාගත් ඔහු වැසිකිළිය ගැන එතරම් උනන්දුවක් නොදැක්වූ අතර තාවකාලික වැසිකිළියක් භාවිතා කිරීම ගැන බිරියද බිරියගේ මවද ඔහුට කිහිප අවස්ථාවකදීම මේ ගැන කීවත් ඔහු කියාසිටියේ නිවසේ ඉදිකිරීම් අවසන් කර වැසිකිළියේ වැඩ කරමුයි කියාය.
මේ අතරවාරයේදී නැන්දම්මා විසින් ඉතිරිකරගත් මුදලක් ඔහුට දී කියා සිටියේ මේ සල්ලිවලින් වැසිකිළියේ වැඩ කරගන්නා ලෙසය. නැන්දම්මා දුන් මුදල වැසිකිළිය සාදාගැනීමට ප්‍රමාණවත් මුදලක් වූ බැවින් ඔහුද වෙනත් කටයුතු සඳහා මෙම මුදල් භාවිතයට නොගෙන වැසිකිළියේ වැඩ කටයුතු ඉතා ඉක්මනින් නිම කළේය.
ඉන් අනතුරුව වැසිකිළියේ බිත්තිය මත ලොකු අකුරෙන් ‘‘අත හිත නැන්දම්මාගෙන්’’ යැයි ලියූ අතර මෙය ක්‍රමයෙන් ගම පුරාද ඔහුගේ කාර්යාලය පුරාද පැතිර ගියේය.
මෙම සිද්ධියෙන් පසු කවුරුත් ඔහු ඇමතුවේ‘‘අත හිත බෑණා’’ කියාය.