නැන්දම්මා එනවා දැයි ඔත්තු බලන්න යැවූ මිතුරාට විසිල් ගහන්න බැරිවෙලා


තරුණ පෙම්වතා හා පෙම්වතිය එකිනෙකා මුණගැසුණේ මවුපියන්ට හොරෙනි. දෙදෙනාට උදව් කළේ පෙම්වතාගේ හොඳම මිතුරාය. දිනක් පෙම්වතියගේ මව නිවසෙන් බැහැරව යනු දුටු මිතුරා පෙම්වතා හමුවී, ‘‘මචං අන්න උඹේ නැන්දම්මා හොඳට ඇඳගෙන මේ දැන් එළියට ගියා. ටවුමට ගියාද දන්නැහැ”යි පැවැසීය.

එවිට පෙම්වතා, එහෙනම් ගෙදර ඉන්නේ කෙල්ල විතරයි. වරෙන් යන්න යැයි පවසා පෙම්වතියගේ නිවෙස අසලට පැමිණියේය. පෙම්වතා දුටු පෙම්වතිය හස්ත සංඥාවෙන් නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළාය. මිතුරා ඇමතූ පෙම්වතා, ‘‘මචං උඹ කවර් වෙලා හිටපන් නැන්දම්මා එනවා දැක්කොත් විසිල් එකක් ගහපන්’’ යැයි පැවැසීය. හරි හරි මචං මම එද්දී විසිල් එකක් ගහන්නම්’’ මිතුරා පිළිතුරු වශයෙන් කීය. 

පෙම්වතා නිවෙසට පිවිස විනාඩි පහක් ගතවුණා පමණි. කල්පනාවක පැටලී සිටි මිතුරාට තමා පසුකර නිවෙසට යන නැන්දම්මා පෙනිණි. ඔහුට දොලෝ රත්විය. ඇඟිලි දෙක කටේ දමා විසිල් ගැසීමට තැත් කළත් වෙනදා ලේසියෙන් ගසන විසිලය ඒ මොහොතේදී නොගැසිණි. පෙම්වතිය බෙරිහන් දෙන අයුරුත් පෙම්වතා වැටි වැටී දුවන අයුරුත් මිතුරාට දැකගත හැකිවිය.