නාරං ගෙඩියක් තොග මිලට ගන්න ගිහින්


(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය රෝහලක් අසළ වූ පදික වේදිකාවක හීන්නාරං අලෙවි කරමින් සිටි කාන්තාවකි. ඇය ගෙඩි පහක් රුපියල් විසිපහ ගණනේ අලෙවි කරමින් සිටියාය. ඒ අසළට ආ අව් කණ්නාඩි පැළඳගත් කාන්තාවක් මුළු නාරංගොඬේ ගෙඩි කොපමණ ඇත්දැයි ඇසුවේ ගෙඩි කීපයක් අතගාමිනි.


”ගෙඩි දෙසිය දහයයි නෝනා ගෙඩිය තුනයි පනහ ගානේ දෙන්නම් එතකොට හත්සිය තිස් පහයි. හත්සීයක් දෙන්නකො” කියමින් නාරං ගොඩම බෑගයකට දැමීමට සූදානම් වූවාය.


කලබල වූ පාරිභෝගික කාන්තාව නෑ නෑ මට  ඕනෑ එක ගෙඩියයි. ඔයා කලින් වික්කෙ ගෙඩිය රුපියල් පහටනෙ. තුනයි පනහට ගෙඩියක් ගන්න බැලූවෙ.” කී විට දෙවියන් සිහිවූ වෙළෙඳ කාන්තාව ”නාරං ගොඩ අතගාල කල්පනා කරපු හැටියට මං හිතුවෙ නාරං ටික විතරක් නෙමෙයි. ඉඩමත් සල්ලිවලට ගනීවි කියලා” වෙළෙඳ කාන්තාව කීවේ හැමෝම හිනස්සමෙනි.