දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හීලෑ එකෙකි. ඊයේ (31) කඩය අසල සිටින වඳුරා දුටු කඩහිමියකු ඌට රටකජු අහුරක් දීමට ගියේ එය දැමීමට කඩදාසියක්ද රැගෙනය.
එදිනම උදේ ඔහුට ලැබුණු අලූත් කැලැන්ඩරයක ආවරණ පිටුව ඉරාගෙන මේ ආකාරයට ගිය ඔහු එන් ගොටුවක් ගසා රටකජු ඒ තුළ දමා ඉදිරිපස බංකුව මත තැබීය.
ඌ එතැනට එත්ම බල්ලකු බුරාගෙන ආවෙන් ඌ අතට අසුවූ රටකජු ගොට්ට රැුගෙන ගසකට නැග්ගත් රට කජු බිම වැටී කඩදාසිය පමණක් අතෙහි ඉතිරි විය. වඳුරා කඩදාසිය දිග හැර ගත් විට එහි වූ ”සුබ නව වසරක් වේවා - 2016” යන්න එහි මනාව ප‍්‍රදර්ශනය වූයෙන් කඩ හිමියාට මහත් සතුටක් දැනිණ.
වඳුරාගේ අවුරුදු සුබ පැතුම බැලීමට ඔහු වට පිටාවේ සිටි අයට ආරාධනා කළෙන් විශාල පිරිසක් එක්වූවත් ගසින් ගසට පැන එය ප‍්‍රදර්ශනය කළ වඳුරා සවස් වනතුරුම එය අතඇරයේ නම් නැතිලූ.

